කොළඹ රාජකීය විද්‍යාලයට යන්න පින තිබ්බත් සජිත් අට වසරෙන් ඉස්කෝලෙ ගමන නතර කරලා – රංගෙ බණ්ඩාරගේ අලුත්ම හෙළිදරව්වක්

රටේ වත්මන් වාතාවරණය තුළ අත් හදා බැලීම් සඳහා අවකාශයක් නොමැති අතර අට වසර සමත් නායකයෙකුට රට භාර දෙනවා ද උගත් බුද්ධිමත් නායකයකුට රට භාර දෙනවා ද යන්න ජනතාව තීරණය කළ යුතු බව එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගෙ බණ්ඩාර මහතා පවසනවා.

මාධ්‍ය හමුවක දී ඔහු වැඩිදුරටත් පැවසුවේ සජිත් ප්‍රේමදාස මහතා ගොස් ඇත්තේ කොළඹ රාජකීය විද්‍යාලයේ අට වැනි වසර දක්වා පමණක් බවයි.

ඒ සම්බන්ධ සියලු විස්තර තමා සතු බවත් ඔහු රාජකීය විද්‍යාලයේ අටවැනි වසරේ එස් පන්තියේ ශිෂ්‍යයකු ලෙස අධ්‍යාපනය හැදෑරු බව තමාට ප්‍රකාශ කළ හැකි යැයි ඔහු පැවසුවා.

ඔහු ඉන් පසු එංගලන්තයට ගොස් හරබර ඉංග්‍රීසි භාෂාව හැදෑරු නමුත් එතරම් උගත් තැනැත්තකු නොවන බව ද ඔහු සඳහන් කළා.

Latest News

error: Content is protected !!