ජුනි 14 පාර්ලිමේන්තු විසුරුවා හැරීමට සියල්ල සූදානම්

තීරණාත්මක සාකච්ඡා වට ගණනාවක් අවසානයේ ජනාධිපතිවරණයට පළමුව මහ මැතිවරණය පැවැත්වීමට බැසිල් රාජපක්ෂ මහතා සහ ජනපති රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාවයකට පැමිණ ඇති බව උදයංග වීරතුංග මහතා පවසනවා.

ඒ අනුව ලබන මස 14 වැනිදා නියත වශයෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බවයි ඔහු පවසන්නේ.

ඔහු මේ බව පැවසුවේ රූපවාහිනී නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

එහි දී ලබන මස 14 හෝ 15 යන දිනයන් දෙකෙන් එකක දී පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ඇති බව ඔහු පැවසුවා.

ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරණය සඳහා තරග නොකරනු ඇති බවත් ඒ අනුව ඉදිරි මැතිවරණයේ දී පොදු ජන පෙරමුණේ ප්‍රබල අපේක්ෂකයා ලෙස ධම්මික පෙරේරා මහතා ඉදිරිපත් වනු ඇති බවයි ඔහු පැවසුවේ.

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!