සම්බන්ධන් දැක්කමත් කොන්ද නමන, අනුර කුමාර දිසානායකටත් සර් කියන, ප්‍රසන්න රණවීර පෝටර්වරයාගේ කණට ගැහුව ඇත්තම හේතුව – “V8 එකෙන් බැස්සත් මාව අඳුරගත්‍තෙ නෑ”

කටුනායක ගුවන් තොටුපළේ දී පෝටර්වරයකුට පහර දීමේ සිද්ධිය සිදු නොවිය යුතු දෙයක් නමුත් තමන්ට එම පුද්ගලයා සම්බන්ධයෙන් එම අවස්ථාවේ විශාල කෝපයක් ඇති වීමට හේතුව රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර විසින් පෙන්වා දී තිබෙනවා.

ඔහු පවසන්නේ එම අවස්ථාවේ ආරක්ෂකයින් පිරිසක් සමඟ V8 රථයකින් එම ස්ථානයට ගිය ද අදාළ පෝටර්වරයා ඒ පිළිබඳ කිසිම තැකීමක් නොකළ බවයි.

රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර පවසන ආකාරයට ඔහුට වැඩියෙන්ම කේන්ති ගොස් ඇත්තේ රු 1000 ක් ලබා දීමටත් වඩා ඔහු බලාපොරොත්තු වූ ආකාරයේ පිළිගැනීමක් ඔහුට නොලැබීම් හේතුවෙනි.

“මගේ MSD එකත් හිටියා.මං ගියෙත් V8 එකේ. සාමාන්‍ය මනුස්සයෙක් නම් තේරෙන්න ඕනනේ මේ කවුරු හරි කියලා’

ඔහු මේ බව සඳහන් කළේ යූ ටියුබ් අවකාශයේ සම්මුඛ සාකච්ඡාකට එක් වෙමිනි.

එමෙන්ම ඔහු මෙහි දී වැඩිදුරටත් පැවසුවේ ඔහු පාර්ලිමේන්තුව තුළ සියල්ලන්ට ගරු කරන සම්බන්ධන් මන්ත්‍රීවරයා පැමිණෙන විට පසෙකට වී ඉඩදෙන අනුර කුමාර දිසානායක මහතාට පවා සර් කියා අමතන නිහතමානී ලක්ෂණ පිරුණු පුද්ගලයෙක් බවයි.

පාර්ලිමේන්තුව නියෝජනය කරන, අමාත්‍ය ධූරයක් දරන ප්‍රසන්න රණවීර යනු ඒ අනුව ඔහුගේම වචනවලින්ම පැවසෙන ආකාරයට බලවතුන් ඉදිරියේ කොන්ද නමා අහිංසක මිනිසුන්ට සත්තම දමන ආකාරයේ බාල චණ්ඩියෙකි.

ඔහුට වැඩියෙන්ම රිදී ඇත්තේ පෝටර්වරයා තමා හඳුනා නොගැනීමත් ගුවන්‍ තොටුපළේ දී ඔහු බලාපොරොත්තු ආකාරයේ රාජ්‍ය ගෞරවයක් ඔහුට නොලැබීම නිසයි.

V8 එකකින් බැස්ස නිසා MSD ය පිරිවරාගෙන ආව නිසා පෝටර්වරයා ද ඔහුට කොන්ද නමා වැඳ නමස්කාර කර ලැගේජය එක කරකටත් අනිත් කරට තමාවත් උස්සගෙන යාවියැයි ඔහු සිතාගෙන සිට ඇත.

එහෙම බලද්දී ගුටිකෑව පෝටර්වරයාටද වඩා අනුකම්පා කළ යුතු චරිතය රණවීරයි.

එළැඹෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී අපට ඒ අනුකම්පාව ලබා දිය හැකිය.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...