ඉරාන ජනාධිපති රයිසි ඇතුළු හෙලිකොප්ටරයේ ගමන් ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත් වූ බව තහවුරු කෙරේ

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඔහුගේ විදේශ අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් ගමන් ගත් හෙලිකොප්ටරය කඩා වැටුණු ස්ථානය හමු වීමත් සමඟ ඉරාන ජනාධිපති ඇතුළු එහි ගමන් ගත් සියලුම දෙනා ජීවිතක්ෂයට පත් වී ඇති බව එහි රාජ්‍ය රූපවාහිනිය තහවුරු කර තිබෙනවා.

අනතුරට ලක් වූ ස්ථානය සොයා ගැනීමත් සමඟම හෙලිකොප්ටරයේ සිටි මගීන් අතර ජීවය පිළිබඳ කිසිදු සලකුණක් අනාවරණය වී නොමැති බව ඔවුන් මේ වන විට වාර්තා කර තිබෙනවා.

“ජනාධිපති රයිසිගේ හෙලිකොප්ටරය අනතුරින් සම්පූර්ණයෙන්ම දැවී ගොස් තිබෙනවා. අවාසනාවකට මෙන්, සියලුම මගීන් මිය ගොස් ඇතැයි සැක පළ කරන බව ගලවා ගැනීම් මෙහෙයුම්වල සිටින නිලධාරීන් වාර්තා කළ බව රොයිටර් පුවත් සේවය ද මේ වන විට වාර්තා කර තිබෙනවා

Latest News

More like this

දිලිත්ගේ නිවසේ අද රාත්‍රී සර්ව විපාක්ෂික සාදයක් !

සර්ව ජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීරගේ...

මුහුණේ කැළැල් මකන්න ආ තරුණියට පේරාදෙණිය වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයකදී අතවර !

මුහුණේ ලප කැළැල් සඳහා ප්‍රතිකාර ගැනීමට පැමිණි තරුණියකට අතවර...

තුසිත හල්ඔලුවට වරෙන්තු

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂවරයකු වන තුසිත හල්ලොලුව වහාම...

රනිල් – නාමල් මල් පාරේ හදිසි සාකච්ඡාවක !

ආණ්ඩුවට එරෙහිව 21 වෙනදා පැවැත්වීමට නියමිත නුගේගොඩ රැලිය සම්බන්ධයෙන්...