ශ්‍රී ලාංකික ඩිනාරා පුංචිහේවා “ආසියාවේ 30 න් පහළ 30” බලගතුම නායකයින්ගේ ලැයිස්තුවට

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ගාඩි චිත්‍රපටයෙන් අවධානයට පාත්‍ර වූ ඩිනාරා පුංචිහේවා “2024 වසරේ 30 න් පහළ 30″ලැයිස්තුවට ඇතුළත් වී තිබෙනවා.

ඔවුන්ගේ නව වෙනි සංස්කරණයට අනුව විනෝස්වාද, ක්‍රීඩා හා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන තරුණ නායකයින් 300 ක් අතරට ඇයද ඇතුළත්ව සිටියි.

ඩිනාරා, 2018 දී “මාලා නමින් ඇයගේම කෙටි චිත්‍රපටයක් රචනා කරමින්, රංගනයෙන් සහ අධ්‍යක්ෂණය කරමින් ශ්‍රී ලාංකේය සිනමා කරළියට පිවිසි අතර එය බොලිවුඩය ඇතුළු ජ්‍යාත්‍යන්තරයේද අවධානයට ලක්වුණා.

එමෙන්ම ඇය මෑතකදී ප්‍රසන්න විතානගේ ගේ ගාඩි-Children of the Sun චිත්‍රපටය ඇතුළු තවත් සිනමා කෘති කිහිපයකට ඇගේ රංගන දායකත්වය ලබා දුන්නා.

ලන්ඩනයේ ක්වීන් මේරි විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකු වන ඩිනාරා, අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන් නාට්‍ය හා රංගනයට හඳුන්වා දෙන ලාභ නොලබන Punchi Actors නම් පදනමක් ද නිර්මාණය කර තිබෙනවා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...