පාසලේ මිතුරන්ගේ බුලි කිරීම් නිසා ඇමරිකාවේ 12 හැවිරිදි දැරියක් සිය දිවි නසා ගනී

පාසලේ දී සිදුවූ හිරිහැර කිරීම් (Bullying)දරාගත නොහැකිව එක්සත් ජනපදයේ ලාස් වේගාස් හි 12 හැවිරිදි දැරියක් සිය දිවි හානි කරගෙන මිය ගොස් තිබෙනවා.

ෆ්ලෝරා මාර්ටිනේස් නම් දැරියගේ පවුලේ අය පවසන්නේ Duane D. Keller Middle School පාසල ඇයව මාරු කර දෙන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවයි.

අවසානයේ මැයි 07 වන දා ඇය සිය දිවි හානිකරගෙන මිය ගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

ඔවුන් පාසලේ පලානාධිකාරිය දැනුවත් කිරීමෙන් පසු පවා ෆ්ලෝරාගේ පන්තියේ මිතුරන් ඇයට දිගින් දිගටම හිරිහැර කළ බව ඇගේ දෙමාපියන් පවසා තිබෙනවා.

පාසල ඇයව ආරක්ෂා කිරීමේ වගකීම පැහැර හරින ලද බව පවසන මව්පියන් සිය දිවි හානි කරගනු ලැබූ අවසානය දක්වා ඇය සියල්ල දරාගෙන හිටි බවයි මාධ්‍ය වෙත පවසා ඇත්තේ.

Latest News

More like this

ආධාර හරියට බෙදනවාදැයි නිරීක්ෂණයට සජිත්ගෙන් ආපදා තොරතුරු කේන්ද්‍රයක්

දිට්වා සුළි කුණාටුව නිසා අපදාවට පත් ජනතාව සම්බන්ධයෙන් තොරතුරු...

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...