විවාදය මඟ අරින සජිත්‍ට ජනපති දැමූ කිණ්ඩිය – තමා ඕනෑම විවාදයකට ලෑස්ති බවත් කියයි

සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක මහතාගේ විවාද අභියෝගය භාර නොගත්ත ද තමා ඕනෑම අයෙකු සමඟ විවාදයට සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

සජිත් එම අභියෝගය භාර ගත යුතුව තිබුණා යැයි ඔහු සඳහන් කර තිබෙනවා.

මැයි 20 වැනිදා එම අභියෝගයේ අවසන් දිනය ලෙස අනුර දිසානායක මහතා නියම කර ඇතත් සජිත් ප්‍රේමදාස මහතා මේ වන තෙක් එම අභියෝගය භාර ගෙන නැහැ.

තමන් පාර්ලිමේන්තුවේ නිතර සිටින බවත් ඕනෑම කෙනෙකුට පාර්ලිමේන්තුවට පැමිණ තමන් සමඟ වාද කළ හැකි බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

Latest News

error: Content is protected !!