ජනපති මියයාමෙන් පසු ඉරානයේ ඊළඟට ජනපති වන්නේ කවුද? ඉරාන රජයේ ඉහළම නිලධාරීන් පිරිසක් අතර තීරණාත්මක රැස්වීමක්

මූලික ආයතන තුන වන ව්‍යවස්ථාදායකය විධායකය හා අධිකරණය නියෝජනය කරමින් ඉහළ පෙළේ නිලධාරීන් අති විශේෂ රැස්වීමක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඊබ්‍රාහිම් රයිසිගේ මරණයෙන් පසු ඔහුගේ පළමු උප ජනාධිපති මොහොමඩ් මොක්බර් (Mohommad Mokhber) විධායකය නියෝජනය කරමින් ඊට එක්වූ බව සඳහන්.

“අපි පැවරූ රාජකාරි කිසිදු බාධාවකින් තොරව ඉටු කිරීමේදී ජනාධිපති රයිසිගේ මාර්ගය අනුගමනය කරන්නෙමු” මොක්බර් එහි දී පවසා තිබෙනවා.

ජනාධිපතිවරයෙකු ධූරයේ සිටියදී මිය ගියහොත්, ඉස්ලාමීය ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ පළමු උප ජනාධිපතිවරයා උත්තරීතර නායකයාගේ අනුමැතිය ඇතිව දින 50 ක අතුරු කාලසීමාවකට වැඩ භාර ගන්නා බවයි.

දින 50 අවසානයේ නව ජනාධිපතිවරණයක් පැවැත්වෙන බව එහි සඳහන් වෙනවා.

Latest News

error: Content is protected !!