ඩයනා ගැන සොයන්නැයි නීතිපති CID එකට නියම කරයි.

හිටපු රාජ්‍ය ඇමැතිනි ඩයනා ගමගේ විසින් සිදුකර ඇතැයි අනාවරණය වන අපරාධ වැරදි සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනයන්ට අනුව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.

ඇයට එරෙහිව සිදුකරන විමර්ශනයන්ට අනුව යම් අපරාධමය කරුණක් සම්බන්ධයෙන් ඇයට එරෙහි සාක්‍ෂි හා කරුණු ඉදිරිපත් වන්නේ නම් චෝදනා ගොනු කර ඇයව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නීතිපතිවරයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබාදී ඇති උපදෙස් මගින් වැඩිදුරටත් දැනුම් දී ඇති බව වාර්තා වෙනවා.

නීතිපති ජනාධිපති නීතිඥ සංජය රාජරත්නම් මහතා විසින් මෙම උපදෙස් ලබාදීම සිදුකර ඇත්තේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂවරයා ඩයනා ගමගේ හිටපු රාජ්‍ය ඇමැතිවරිය සම්බන්ධයෙන් පවතින පැමිණිලිවලට අදාළව ඉදිරි පියවරයන් සඳහා උපදෙස් ඉල්ලා එවා තිබූ ලිපියකට අදාළවයි.

ඩයනා ගමගේ හිටපු රාජ්‍ය ඇමැතිවරිය බි්‍රතාන්‍ය පුරවැසියකුව සිටිමින් ශ්‍රී ලංකා පුරවැසියකු ලෙසින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම, ඒ සම්බන්ධයෙන් විභාග වූ නඩුවලදී හා විමර්ශනයන්වලදී අසත්‍ය ලිපි හා කරුණු ඉදිරිපත් කිරීම, ඇතැම් කරුණු සැඟවීම හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය වන පරිදි ක්‍රියා කිරීම ආදී වූ කරුණු සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙහි විමර්ශන සිදු කර ඉදිරි පියවරයන්ට නීතිපති උපදෙස් ලබාගැනීමට කටයුතු කර තිබුණා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!