ඉරානයේ නව විදේශ ඇමති පත් කෙරේ..

හුසේන් අමීර්-අබ්දුල්ලාහියන්ගේ(Hossein Amir Abdollahian) අභාවයෙන් පසු ඉරාන කැබිනට් මණ්ඩලය නියෝජ්‍ය විදේශ අමාත්‍ය අලි බගෙරි කානි (Ali Bagheri Kani) වැඩ බලන විදේශ අමාත්‍යවරයා ලෙස පත් කර ඇති බව රොයිටර් පුවත් ඒජන්සිය පවසනවා.

ඒ ඉරාන රජයේ ප්‍රධාන ශාඛා තුන වන විධායක, ව්‍යවස්ථාදායක සහ අධිකරණයේ රැස්වීමකින් පසුවයි.

පළමු උප ජනාධිපති මොහොමඩ් මොක්බර් ජනාධිපති ලෙස වැඩ භාර ගැනීමට අපේක්ෂා කරන බව ද පැවසෙනවා.

ඉරාන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවසන්නේ ජනාධිපතිවරයෙකු ධූරයේ සිටියදී මිය ගියහොත් පළමු උප ජනාධිපතිවරයා දින 50 ක අතුරු කාලසීමාවකට වැඩ භාර ගන්නා බවයි.

මොක්බර් රාජ්‍ය රූපවාහිනියට ප්‍රකාශ කර ඇත්තේ “පවරන ලද රාජකාරි කිසිදු බාධාවකින් තොරව ඉටු කිරීමේදී” ජනාධිපති රයිසිගේ මාවත අනුගමනය කරන බවයි.

Latest News

error: Content is protected !!