ඉරාන ජනාධිපතිවරයා වෙනුවෙන් ශෝකය පළ කිරීමට අනුර ඉරාන තානාපති නිල නිවසටම යයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (21) දින පස්වරුවේ ඉරාන තානාපති නිල නිවසට ගොස් ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි, විදේශ අමාත්‍ය හොසෙයින් අමීර් අබ්දුල්ලාහියන් සහ අනෙකුත් රාජ්‍යතාන්ත්‍රිකයින්ගේ හදිසි වියෝවීම පිළිබඳ ශෝකය ප්‍රකාශ කිරීමට කටයුතු කළා.

ශ්‍රී ලාංකේය ජනතාව ලෙසත් ජාතික ජන බලවේගය ලෙසත් සිය සාතිශය ශෝකය පළ කර සිටින බව ඔහු මෙහි දී පවසා සිටියා.

මෙම අවස්ථාවට ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික බිමල් රත්නායක මහතා ද සහභාගී වී තිබෙනවා.

Latest News

error: Content is protected !!