ධම්මික පෙරේරාගෙන් මඩකළපුවට IT කැම්පස් තුනක්..

ශ්‍රී ලාංකිකයන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක ඩී. පී. එඩියුකේෂන් අයි. ටී. කැම්පස් ව්‍යාපෘතිය යටතේ තවත් අයි.ටී. කැම්පස් 03ක් මඩකලපුව දිස්ත්‍රික්කයේ දී ඊයේ (20) ඩී. පී. එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා මහතා අතින් සිසු අයිතියට පත් කෙරුණා.

මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන පරිගණක පාඨමාලාවක වටිනාකම රු ලක්ෂ 25ක් වන අතර මේ සඳහා සම්බන්ධ වන දරුවන්ට මෙම පාඨමාලාව සම්පුර්ණයෙන් නොමිලේ ලබා දීම සිදු කරයි.

මෙරට දුප්පත්කම තුරන් කළ හැක්කේ අධ්‍යාපනයෙන්ම පමණක්ය යන විශ්වාසයෙන් සිය පෞද්ගලික ධනය වියදම් කර නොමිලේ අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ බව ධම්මික පෙරේරා මහතා මෙහි දී සඳහන් කළා.

“ලෝකයේ දියුණු වූ හැම රටක්ම අධ්‍යාපනයෙන් තමා දියුණු වෙලා තියෙන්නෙ. මට තේරිලා තියෙනව අධ්‍යාපනයෙන් තමයි මේ රට ගොඩ දාගන්න පුළුවන් කියලා. ඒකයි මම මගේ පෞද්ගලික ධනයෙන් දැයේ දුවා දරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන්නේ. අධ්‍යාපනය නැමති කුළුනෙන් තමයි මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් වෙන්නේ.”

මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන ඔඩ්ඩිමාවඩ් ප්‍රදේශයේත්, එරාවුර්නගරයේ සහ නව කාත්තන්න්ඩිකුඩි නගරයේත් ඩී. පී. එඩියුකේෂන් මධ්‍යස්ථාන 03 ක් නිල වශයෙන් සිසු අයිතියට පැවරූ අතර සිසුන් 2800 ක පමණ පිරිසක් එම මධ්‍යස්ථාන තුළ අධ්‍යාපන හදාරනු ලබන බව සඳහන් වෙනවා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!