ධම්මික පෙරේරාගෙන් මඩකළපුවට IT කැම්පස් තුනක්..

ශ්‍රී ලාංකිකයන්ගේ ඩිජිටල් සාක්ෂරතාවය වර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ශ්‍රී ලංකාව පුරා ක්‍රියාත්මක ඩී. පී. එඩියුකේෂන් අයි. ටී. කැම්පස් ව්‍යාපෘතිය යටතේ තවත් අයි.ටී. කැම්පස් 03ක් මඩකලපුව දිස්ත්‍රික්කයේ දී ඊයේ (20) ඩී. පී. එඩියුකේෂන් නිර්මාතෘ හා සභාපති ධම්මික පෙරේරා මහතා අතින් සිසු අයිතියට පත් කෙරුණා.

මෙම ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක වන පරිගණක පාඨමාලාවක වටිනාකම රු ලක්ෂ 25ක් වන අතර මේ සඳහා සම්බන්ධ වන දරුවන්ට මෙම පාඨමාලාව සම්පුර්ණයෙන් නොමිලේ ලබා දීම සිදු කරයි.

මෙරට දුප්පත්කම තුරන් කළ හැක්කේ අධ්‍යාපනයෙන්ම පමණක්ය යන විශ්වාසයෙන් සිය පෞද්ගලික ධනය වියදම් කර නොමිලේ අධ්‍යාපනය ලබා දීමේ වැඩපිළිවෙළ ආරම්භ කළ බව ධම්මික පෙරේරා මහතා මෙහි දී සඳහන් කළා.

“ලෝකයේ දියුණු වූ හැම රටක්ම අධ්‍යාපනයෙන් තමා දියුණු වෙලා තියෙන්නෙ. මට තේරිලා තියෙනව අධ්‍යාපනයෙන් තමයි මේ රට ගොඩ දාගන්න පුළුවන් කියලා. ඒකයි මම මගේ පෞද්ගලික ධනයෙන් දැයේ දුවා දරුවන්ට නොමිලයේ අධ්‍යාපනය ලබා දෙන්නේ. අධ්‍යාපනය නැමති කුළුනෙන් තමයි මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න පුළුවන් වෙන්නේ.”

මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේන ඔඩ්ඩිමාවඩ් ප්‍රදේශයේත්, එරාවුර්නගරයේ සහ නව කාත්තන්න්ඩිකුඩි නගරයේත් ඩී. පී. එඩියුකේෂන් මධ්‍යස්ථාන 03 ක් නිල වශයෙන් සිසු අයිතියට පැවරූ අතර සිසුන් 2800 ක පමණ පිරිසක් එම මධ්‍යස්ථාන තුළ අධ්‍යාපන හදාරනු ලබන බව සඳහන් වෙනවා.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...