රන්දික, මිෂෙල් දිල්හාරාට ෆේස්බුක් එකේ කවි කතා ලියන එක වැඩිවෙයි – උදාර ලෙස යමක් සිදුවෙමින් පවතින බවට කසුකුසුවක්

රන්දික ගුණතිලක, මිෂෙල් දිල්හාරා කියන්නේ තිරයේ දකින්න ආසම අපූරු කෙමෙස්ට්‍රි එකක් තියෙන යුවළක්.

ස්වර්ණවාහිනිය ඔස්සේ විකාශය වන ලලයි ලිලයි ලයි මේ දෙන්නගේ සුන්දරත්වය මේ දවස්වල තවත් වැඩි කළා කිව්වත් වැරදි නෑ.

රන්දික,ධනුෂ්ක විදියටත් මිෂෙල්,මිලා විදියටත් මේ චරිත දෙකට කොච්චර සාධාරණයක් කරල ද කියනව නම් ඩ්‍රාමා එක බලන හැමෝම කැමති ධනුෂ්කයි මිලයි සෙට් වෙනවනම්.

කොහොමින් කොහොමහරි රන්දිකත් ආස කතාව එහෙම වෙනවටලු.

මේ දවස්වල රන්දික සමාජ මාධ්‍යවල පළ කරන ෆොටෝස් පෝස්ට්වලින් සීයට අනූවක් විතරම එයා මිලා එක්ක ඉන්න ඒව දාන්නෙ ඒ නිසා කියලයි ආරංචි.

රන්දික කොච්චර ආස වෙලාද කියනව නම් මිෂෙල් වෙනුවෙන් කවි ලියන්නත් පටන්ගෙන.

“චන්ද්‍රා ඔබ තනි නොකළා සේ තාරකා පන්තිවෙලා
මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා
දෙවියන් මැව්වාදෝ හැබැහින්දෝ පෙරුමන් පුරා
සුරඟන ඔබේ රුව භාවනාවක් සසරේ සදා
උදාරයි”

මේ රන්දික මිෂෙල්ට ලිව්ව අලුත්ම කවිය.ඒක දැකපු ගොඩක් අය කියන්නේ රන්දිකගේ හිතේ තියෙන දේවල් උදාර විදියටම හරියන්න ඕන කියලයි.

සමහරු නම් කියන්නේ ඩ්‍රාමා එකට එහා ගිය උදාර දෙයක් සිද්ධ වෙමින් යනවා කියලයි.

ඒක එහෙම නම් මරු කියලා ගොඩක් අය හිතුවට ලලයි ලිලයි ලයි එකේ ප්‍රමෝෂන් එකක් වෙන්නත් බැරි නෑනෙ.

Latest News

More like this

මට ගහන්නේ පක්ෂ අරමුදල දීපියව් කිව්ව නිසා… සමන්ත භද්‍ර හිමි

ජාතික ජන බලවේගයට හිතවාදී යූ ටියුබ් කරුවන් ඇතුළු සමාජ...

උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක්.. නාමල් සුමති සම්මානයට නිර්දේශ කළ යුතුය.

මල්ලි පොඩ්ඩක් අහගෙන හිටපන්කෝ මාත් කියන දේත්. ඔය ප්‍රශ්නෙ මම...

ලොවම ආදරය කරන ස්ම්‍රිති මන්දානා විවාහය අවලංගු කරයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ තරුවක් වන ස්ම්‍රිති මන්දානා ඇගේ...