ජනාධිපතිවරණයෙන් පසු හදිසි මහා මැතිවරණයක් අනිවාර්යයි

මේ වසරේ ඔක්තෝම්බර් මාසයේදී අවසන් වීමට නියමිත ජනාධිපතිවරණයෙන් පසු වහාම හදිසි මහ මැතිවරණයක් පැවැත්වීමට නියමිත බව වාර්තා වී තිබෙනවා.

ජනාධිපතිවරණයට පෙර හෝ ඒ අතරතුර හදිසි මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කර ඇති අතර ඔහු කැබිනට් අමාත්‍යවරුන්ට පවසා ඇත්තේ ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන බවයි.

එබඳු මැතිවරණයක් පැවැත්වීමට නියමිත කාලය තෙක් බලා නොසිට ඔක්තෝබර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළත් කඩිනමින් මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීම දේශපාලනික වශයෙන් අත්‍යාවශ්‍ය කරුණක් බව ඔහු අවධාරණය කර ඇති බවයි සඳහන් වන්නේ.

එයට හේතුව වන්නේ ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කරන අපේක්ෂකයාට බහුතර පාර්ලිමේන්තුවේ බලය ද තහවුරු කර ගැනීම ශ්‍රී ලාංකේය දේශපාලන සංස්කෘතිය තුළ අත්‍යාවශ්‍ය සාධකයක් වීමයි.

අවසන් වරට මහ මැතිවරණය පවත්වන ලද්දේ 2020 අගෝස්තු මාසයේදී වන අතර
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ප්‍රකාශ කරන ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම නීත්‍යානුකූලව බැඳී සිටී.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!