ඉන්දියාවේ දී ඇල්ලූ ශ්‍රි ලාංකික ISIS ත්‍රස්තයන්ට සම්බන්ධ තවත් සැකකරුවෙක් ලංකාවේ දී අල්ලයි

ඉන්දියාවේ අහමදාබාද්හිදී ISIS ත්‍රස්තවාදීන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන දිනකට පසු, ශ්‍රී ලංකා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය (TID) ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් පුද්ගලයන්ට සම්බන්ධ සැකකරුවෙකු කොළඹදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවසුවේ, ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් දිනට පසු දිනයේ දි 44 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් අතර සැකකරුගෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ප්‍රශ්න කරන බවයි.

විමර්ශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් ඉන්දීය බලධාරීන් සමඟ සමීපව සම්බන්ධීකරණය කරමින් සිටින බව ඔහු පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් විශේෂ කණ්ඩායමක් පත් කර ඇති බව ද නියෝජ්‍ය පොලිස්පති තල්දූව මහතා පවසා තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ට සම්බන්ධ ශ්‍රී ලංකාවේ සිටින පුද්ගලයන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ද ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බව පැවසෙනවා.

ඉන්දියාවේ ගුජරාට් ත්‍රස්ත මර්දන ඒකකය විසින් සඳුදා අහමදාබාද් ගුවන් තොටුපළේදී ISIS සංවිධානයට සම්බන්ධ ශ්‍රී ලාංකිකයින් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔවුන්ගේ භාණ්ඩ අතර ISIS ධජයක් සහ පිස්තෝල තුනක් සොයා ගත් බව සඳහන්.

ඔවුන්ගේ ජංගම දුරකථන විශ්ලේෂණය කිරීමේදී ඔවුන් ISIS සමඟ සම්බන්ධ වී ඇති බවට යෝජනා කරන ඡායාරූප සහ වීඩියෝ අනාවරණය වී තිබෙනවා.අහමදාබාද් අසලදී අමතර ආයුධ සහ තවත් ISIS ධජ සොයා ගත් බව ද වාර්තා වෙනවා.

සැකකරුවන් පිළිවෙළින් මීගමුව, ග්‍රෑන්ඩ්පාස්, මාලිගාවත්ත සහ මට්ටක්කුලිය ප්‍රදේශවල පදිංචි මොහොමඩ් නෆ්රාන් (27), මොහොමඩ් නුස්රත් (33), මොහොමඩ් ෆාරිස් (35) සහ මොහොමඩ් රෂ්ඩීන් (43) ලෙස හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් කොළඹ සිට චෙන්නායි වෙත ගොස් පසුව අහමදාබාද් වෙත ගමන් කළ බවට චෝදනා එල්ල වී ඇති අතර, අවි ආයුධ එකතු කරන ලෙස පාකිස්තාන හසුරුවන්නා විසින් උපදෙස් ලබා දි ඇතැයි හෙළි කරගෙන තිබෙනවා.

ඔවුන් මීට පෙර තහනම් ශ්‍රී ලංකා සටන්කාමී කණ්ඩායමක් වන ජාතික තව්හීත් ජමාත් (NJT) සමඟ සම්බන්ධ වී සිටි බවයි අනාවරණය වී ඇත්තේ.

සැකකරුවන් සිව්දෙනා අතර සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පොට්ට නවුෆර්ගේ පුත්‍රයෙකු ද වන බවයි නියෝජ්‍ය පොලිස්පති තල්දූව පැවසුවේ.

මේ අතර විත්තිකරුවන් සියලු දෙනා මීට පෙර රත්රන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ අය බවද අනාවරණය කරගෙන තිබෙනවා. නුස්රත් රන් ජාවාරම් සම්බන්ධයෙන් මුම්බායි ගුවන් තොටුපළේදී දෙවරක් අත්අඩංගුවට ගෙන ඇති අතර ශ්‍රී ලංකාවේ පහරදීම් සහ මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව නඩු ගණනාවක් පවතින බව පැවසෙනවා.

ෆාරිස්ට මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදි ඇති අතර ඔහු ශ්‍රී ලංකාවේ සිරගතවී සිට ඇති අතර රෂ්ඩීන් ද සොරකම් සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ චෝදනා ලැබූවෙකි.

නෆ්රාන් මීට පෙර අත්අඩංගුවට නොගත්තද ඩුබායි සහ ශ්‍රී ලංකාවෙන් රත්රන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බවට පාපොච්චාරණය කර තිබෙනවා.

ෆාරිස් සහ රෂ්ඩීන් ප්‍රථම වරට ඉන්දියාවට පැමිණි බව වාර්තා වන අතර නුස්රත් 2022 සහ 2023 අතර 38 වතාවක් පමණ ද නෆ්රාන් 40 වතාවක් පමණ ද සංචාරය කර තිබෙනවා.

පෙබරවාරි මාසයේදී ඔවුන්ගේ හසුරුවන්නා සමඟ සම්බන්ධ වීමෙන් පසු ඔවුන්ගේ පළමු ඉන්දියාවේ සංචාරය මෙය බවයි පැවසෙන්නේ.

දැනට පවතින විමර්ශන සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විමර්ශකයින් කණ්ඩායමක් අහමදාබාද් වෙත යවනු ඇති බව ද වැඩි දුරටත් වාර්තා වී තිබෙනවා.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!