අනුරත් එක්ක විවාදෙට දිලිතුත් ලෑස්ති වෙයි – නයි, පැණි, ඇන්ටිජන් ඕන දෙයක් ගැන අහන්න කියයි

ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර විවාදය සිදු නොවන බවත් ඒ වෙනුවට තමන් අනුර සමඟ විවාදයකට සූදානම් බව දිලිත් ජයවීර මහතා පවසා තිබෙනවා.

ඒ අනුව හය වෙනිදා අනුර සමඟ විවාදයට තමන් එන බවත් අනුර අසන ඕනෑම දෙයකට පිළිතුරු ලබා දීමට සූදානම් බවයි ඔහු පවසා ඇත්තේ.

“ඒ විවාදයේ දී අනුර කුමාර දිසානායකට මගෙන් අහන්න පුළුවන් නයා ගැන, පැණිය ගැන, ඇන්ටිජන් ගැන. මට ඒවාට උත්තර දෙන්නත් පුළුවන්.

දැන් අනුර කුමාර ආරාධනා කරලා තියෙනවා රාජකීය විද්‍යාලයේ අහිංසක ආදී ශිෂ්‍යයෙක් වෙච්ච සජිත් ප්‍රේමදාස මහතාට. එතුමා අහිංසකයෙක්. ඇයි එතුමාට කරදර කරන්නේ. එතුමාට ඉන්න දෙන්න. දැන් මමත් අනුර කුමාරත් සමකාලීනයෝ. ඔහු උපාධිය ගත්තේ ටිකක් පරක්කු වෙලා. හැබැයි අපි දෙන්නා එක වයසේ. මමත් සමාජයේ යම්කිසි දෙයක් ලබා ගත්ත පුද්ගලයෙක් හැටියට සලකන්න පුළුවන්.

ඒ නිසා මාත් එක්ක ලබන 6 වැනිදා දාපු සජිත් නොඑන විවාදයට දිලිත් ජයවීර එන්න කැමති කියලා පොඩ්ඩක් දා ගන්න” යි දිලිත් ජයවීර මහතා පවසා තිබෙනවා.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...