පෙර නොවූ විරූ බිහිසුණු නාය යෑමක් : පැපුවා නිව්ගිනියාවේ ගම් හයක මිනිස්සු නින්දෙන්ම පොළොව යට මිහිදන් වේ

උතුරු පැපුවා නිව්ගිනියාවේ දුෂ්කර ප්‍රදේශයක සිදුවූ නාය යෑමකින් පුද්ගලයන් 100කට අධික කණ්ඩායමක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එන්ගා (Enga) පළාතේ පෝර්ගේරා-පයිලා (Porgera-Paiela) දිස්ත්‍රික්කයේ මුලිටාකා (Mulitaka) හි ගම්මාන හයක් සිකුරාදා අලුයම සිදුවූ නාය යාමත් සමඟ පොළවට යටවී ගිය බව එම වාර්තාවල සඳහ.

මුලිටාකා අවට ගම්මානවල ජනතාව පැවසුවේ මෙම ඛේදවාචකයෙන් ළමුන් ඇතුළු 80-100 දෙනෙකු අතර ප්‍රමාණයක් පොළොව යට මිහිදන් වන්නට ඇති බවයි.

බලධාරීන් තවමත් නිශ්චිත මරණ සංඛ්‍යාව ලබා දී නැහැ.

Enga පළාත් පරිපාලකවරයෙකු මාධ්‍ය වෙත පවසා ඇත්තේ හානියට පත් ප්‍රමාණය තක්සේරු කර ඇති පරිදි ආපදා, පොලිස් සහ සෞඛ්‍ය සේවකයින් ඇතුළු හදිසි ප්‍රතිචාර කණ්ඩායම් එම ප්‍රදේශයට යවා ඇති බවයි.

පෙර නොවූ විරූ ස්වභාවික ව්‍යසනයක් ලෙස විස්තර කෙරෙන විනාශකාරී නාය යෑම අද අලුයම සිදුවී ඇති බව පැවසෙනවා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...