1700 CC බයික් එකෙන් වැඩ දැමූ 62 හැවිරිදි චෙක් ජනපති හොම්බෙන් යැවූ අනතුර

චෙක් ජනාධිපති Petr Pavel යතුරුපැදි අනතුරකින් පසු Prague හි රෝහලකට ඇතුළත් කළ බව මාධ්‍ය වාර්තා කර සිටියා.

කෙසේ වෙතත් ජනාධිපති කාර්යාලය X ඔස්සේ මේ වන ප්‍රකාශ කර ඇත්‍තේ ඔහුගේ තුවාල බරපතල නොවන බවයි.

ජනාධිපතිවරයා පරීක්ෂණ සඳහා රෝහලේ කෙටි කාලයක් රැඳී සිටිනු ඇතැයි සඳහන් වෙනවා,

චෙක් මාධ්‍ය පැවසුවේ ජනාධිපතිවරයා සංවෘත ධාවන පථයක දී මෙම අනතුරට ලක් වූ බැවුන් පොලිසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු නොකරන බවයි.

හිටපු නේටෝ ජෙනරාල්වරයෙකු වන 62 හැවිරිදි චෙක් ජනාධිපතිවරයා දැනට BMW R1200 GS පදවන යතුරුපැදිකරුවෙකු වන අතර ඔහුගේ බයික් පැදීමේ පිස්සුව ප්‍රසිද්ධ එකකි.

ඔහු සිය පදවි ප්‍රාප්තියෙන් ටික කලකට පසු යතුරු පැදියක නැගී අසල්වැසි ජර්මනියේ සංචාරයක් සඳහා එක් වීම කැපී පෙනෙන සිදුවීමක් වුණා.

පසුගිය දා ඔහු හෙල්මට් නොමැතිව යතුරුපැදියක් පදවන අයුරු මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් වීමත් සමඟ බොහෝ විවේචනයන්ට ද ලක් වුණා.

Latest News

More like this

තුන්වන ලෝක යුද්ධයක බිය මධ්‍යයේ ප්‍රංශය හමුදාව තර කරයි..

රුසියාවෙන් එල්ල වන තර්ජනය සහ යුරෝපා කලාපයේ නව ගැටුමක්...

විවාහයට මාසයකට පෙර හොංකොං ගින්නට දිවි පිදූ ගිනි නිවන භටයා

හොංකොං හි මහල් 31 ක් උස ගොඩනැගිල්ලක ඇති වූ...

ප්‍රධාන ගංගා හයක් ආශ්‍රිතව බරපතල ගංවතුර තත්ත්වයක්.. වහාම ඉවත්වෙන ලෙසට රතු නිවේදනයක්

ප්‍රධාන ගංගා හයක අදාළ ගංගා ද්‍රෝණිවල පහත් බිම් ප්‍රදේශවල...

ජනතාවගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සෑම පියවරක්ම ගන්න – ජනපතිගෙන් උපදෙස්

අයහපත් කාලගුණය හේතුවෙන් රට තුළ උද්ගතව ඇති හදිසි ආපදා...