ඊශ්‍රායලය ගෝලීයව හුදෙකලා වෙයි : රෆා හි සංහාරය වහාම නතර කරන ලෙස ජ්‍යාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් නියෝගයක්

ගාසා තීරයේ යුද මෙහෙයුම් වහාම නවත්වන්නැයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජාත්‍යන්තර අපරාධ අධිකරණය ඊශ්‍රායලයට නියෝග කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එම නියෝගය නිකුත් කර ඇත්තේ දකුණු අප්‍රිකාව විසින් හදිසි අවශ්‍යතාව මත ඊශ්‍රායලයට එම නියෝගය නිකුත් කරන ලෙස ජාත්‍යන්තර අපරාධ අධිකරණයෙන් කළ ඉල්ලීම සැලකිල්ලට ගෙනයි.

ඊශ්‍රායල හමුදාව රෆා නුවර සිදු කරන ප්‍රහාරය ජනසංහාරයක් දක්වා ඇදී යන බවටත්, පලස්තීන ජනතාවගේ ජීවිතවලට එය තර්ජනයක් වී ඇති බවටත් දකුණු අප්‍රිකාව අඛණ්ඩව ඊශ්‍රායලයට චෝදනා එල්ල කළ අතර, පසුගිය ජනවාරියේ සිට වරින් වර ගාසා තීරයේ ප්‍රහාර සම්බන්ධව ජාත්‍යන්තර අපරාධ අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

ඊශ්‍රායලය, ජන සංහාර පිළිබඳ චෝදනා විමර්ශනය කරන ඕනෑම එක්සත් ජාතීන්ගේ සංවිධානයකට ගාසා තීරයට බාධාවකින් තොරව ප්‍රවේශ වීමට ඉඩ දිය යුතු බව ද අධිකරණය නියෝග කර තිබෙනවා.

ඊශ්‍රායලය අධිකරණ තීන්දුව ප්‍රතික්ෂේප කළ අතර ගාසා තීරයේ තම හමුදා ප්‍රහාරය ජාත්‍යන්තර නීතියට අනුකූල බව ප්‍රකාශ කර තිබෙනවා.

කෙසේවෙතත් මෙය ඊශ්‍රායලය ගෝලීයව හුදෙකලා කරන තීරණයක් බව විචාරකයින් පෙන්වා දෙනවා.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...