ශ්‍රී ලංකාවේ මිනිරන් නිධි අත්පත් කර ගැනීමේ සටනට ඇමරිකාව, ඉන්දියාව, චීනය හා ප්‍රංශයත් අවතීර්ණ වේ

ශ්‍රී ලංකාවේ මූලෝපායික වත්කම් සහ සම්පත් පිළිබඳ ගෝලීය අවධානය පිළිබඳ උදාහරණ සපයමින් ශ්‍රී ලංකාවේ මිනිරන් ක්ෂේත්‍රය අත්පත් කර ගැනීමේ තරගයට චීනය, ඉන්දියාව, එක්සත් ජනපදය සහ ප්‍රංශය ද එක් වී සිටින බව වාර්තා වී තිබෙනවා.

මෙම රටවල් ඉදිරිපත් වී සිටින්නේ දැනට කර්මාන්තයට සම්බන්ධ කැනේඩියානු සහ ඕස්ට්‍රේලියානු සමාගම්වලට අමතරවයි.

විශේෂඥයින්ට අනුව, ශ්‍රී ලංකාවේ මිනිරන්වල පවතින උසස් ප්‍රමිතිය මෙම ඉල්ලුමට හේතු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රංජිත් ප්‍රේමසිරි මහතා තහවුරු කළේ මේ මොහොතේ ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේත්‍රය සඳහා උනන්දුවක් දක්වන විදේශීය ආයෝජකයින් අතර ඉන්දියාවේ සහ චීනයේ සමාගම් සිටින බවයි.

“උපරිම අගය එකතු කිරීම් කරන්නේ කවුද සහ උසස් කාර්මික යෙදුම් මේවා භාවිතා කරන්නේ කවුරුන්ද යන්න අප සොයා බලනවා. ඒ වගේම අපි රටේ බොහෝ ප්‍රදේශවල අතහැර දැමූ පතල් 3000කට අධික ප්‍රමාණයක් තිබෙනවා. එබැවින් අපට ඒවා ඉල්ලා සිටිය හැකියි” ඔහු පවසා තිබෙනවා.

මෙරට මිනිරන් කර්මාන්තය දියුණු කිරීමේ හැකියාව සොයා බැලීම සඳහා ඉන්දීය රජයේ සහ කාර්යාංශයේ නිලධාරීන් අතර මූලික සාකච්ඡාවක් පසුගියදා පැවැත්වුණා.

සාකච්ඡාවේදී, ශ්‍රී ලංකාවේ මිනිරන් නිධි ගවේෂණය කිරීම සඳහා උසස් ගුවන් භූ ගවේෂණ ශිල්පීය ක්‍රම භාවිතා කිරීම සහ පතල් කැණීම් තාක්ෂණයන් දියුණු කිරීම සඳහා සහයෝගීව කටයුතු කිරීමට ප්‍රධාන වශයෙන් අවධානය් යොමු වූ බව පැවසෙනවා.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...