ප්‍රංශ තානාපතිවරයාගේ අභාවය පිළිබඳව විදේශ අමාත්‍යාංශය ශෝකය ප්‍රකාශ කරයි

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති Jean-François Pactet ගේ අභාවය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සඳුදා සිය බලවත් ශෝකය ප්‍රකාශ කළේය.

“ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති Jean Francois Pactet මහතාගේ හදිසි අභාවය පිළිබඳව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය සිය ශෝකය පළ කර තිබෙනවා.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය පවසන්නේ විදේශ අමාත්‍යාංශය විසින් ප්‍රංශ බලධාරීන්ට සහ දිවංගත තානාපතිවරයාගේ පවුලේ අයට සියලුම සහයෝගය ලබා දෙනු ඇති බවයි.

මෙම ශෝකජනක අවස්ථාවේ ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය සමඟ සමීප සම්බන්ධීකරණයකින් කටයුතු කරන බවත්, අවසන් කටයුතු සම්බන්ධයෙන් බලධාරීන් විසින් ඉදිරියේදී දැනුම් දෙන බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.

ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ ප්‍රංශ තානාපති ජීන් ෆ්‍රැන්සුවා පැක්ටෙට් (Jean-François Pactet) ඉරිදා (26) දින රාජගිරියේ පිහිටි ඔහුගේ නිල නිවසේදී අභාවප්‍රාප්ත වුණා.

ඔහුගේ අභාවයට හේතුව හදිසි හෘද්‍යාබාධයක් බවයි ආරංචි මාර්ග පවසන්නේ.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!