කොල්කටා නයිට් රයිඩර්ස් ජයග්‍රහණය කළ පසු කින්ග් ඛාන් දුව සුහානා සිප වැළඳගනිමින් සතුට සැමරූ ආකාරය

චෙන්නායි හි MA Chodambaram ක්‍රීඩාංගනයේ පැවති IPL අවසන් මහා තරගයේදී Sunrisers Hyderabad පිල පරාජය කළ Kolkata Knight Riders ජයග්‍රහණය කිරීමත් සමඟ එම කණ්ඩායමේ හිමිකරු වන සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන් ඔහුගේ පවුල සමඟ එම සතුට බෙදා ගන්නා ආකාරය සියලු දෙනාගේ අවධානයට ලක්ව තිබෙනවා.

ඒ අතර බිරිඳ ගෞරි ඛාන්, ඔහුගේ දියණිය සුහානා ඛාන් හා පුතුන් දෙදෙනා වන ආර්යන් ඛාන් සහ ඒබ්‍රහම් ඛාන් ද සිටියා. ෂාරුක් දියණිය සුහානාව සිප වැළඳ ගනිමින් සතුට බෙදා ගන්නා ආකාරය දැකගන්නට ලැබුණා.

සුහානා කඳුළු සලමින් සතුටුයි ද තාත්තේ. මටත් සතුටුයි යනුවෙන් පවසමින් පියා වැළඳගන්නා ආකාරයත් ෂාරුක්ගේ පුතුන් වන ආර්යන් ඛාන් සහ ඒබ්‍රහම් ඛාන්ද දුවගෙන පැමිණ පියා වැළඳගන්නා ආකාරය කැමරාවල සනිටුහන් වුණේ කින්ග් කාන්ගේ පවුලේ ආදරය ද ලෝකයටම පෙන්නුම් කරමිනි.

Latest News

More like this

ලාරාගේ වාර්තාව නොකැඩූ මෝල්ඩර් ක්‍රිකට් මවිතයට පත් කළ හැටි

ටෙස්ට් ඉනිමක වැඩිම පෞද්ගලික ලකුණු ලබා ගත් බ්‍රයන් ලාරාගේ...

කෝලිලාගේ IPL ජයග්‍රහණ සැමරුම අතරතුර 11 දෙනෙකුට දිවි අහිමි වේ

ඉන්දීය ප්‍රිමිය ලීග් ශූරතාව දිනාගත් රෝයල් චැලන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ...

18 වතාවක් උත්සහ කර IPL ජයග්‍රහණය කළ ‘කිං කෝලි’

සමාජ මාධ්‍ය ඔස්සේ මිලියන 300කට අධික අනුගාමිකයන් පිරිසක් විසින්...
error: Content is protected !!