දේශපාලනිකව අතරමං වුණු රට කාපු අය මොන සන්ධාන ගැහුවත් අපිට අභියෝගයක් නැහැ

මේ වන විට දේශපාලන වශයෙන් අතරමං වී සිටින කවර හෝ දේශපාලන නායකයින් එක්ව සන්ධානගත වුවද ඉදිරියේ පැවැත්වෙන ඕනෑම මැතිවරණයක දී එය ජාතික ජන බලවේගයට අභියෝගයක් නොවන බව ජාතික ජන බලවේගයේ ජාතික විධායක කමිටු සාමාජික ලාල් කාන්ත මහතා පවසනවා.

මහින්ද, රනිල්,සජිත්, චන්ද්‍රිකා, මෛත්‍රීපාල, විමල් වීරවංශ, ගම්මන්පිල ඇතුළු දේශපාලන වශයෙන් අතරමං වී සිටින සියල්ලන්ගේ අලුත්ම තුරුම්පුව සන්ධානගත වීම බව ඔහු සඳහන් කලා.

ඔහු මේ බව සඳන් කළේ කුණ්ඩෙසාලේ දී ඊයේ (29) පැවති මැතිවරණ ප්‍රචාරක වැඩසටහනකින් පසු මාධ්‍ය හමුවේ අදහස් පළ කරමිනි.

ඔහු එහිදී වැඩිදුරටත් මෙසේ ද සඳහන් කළා.

“දැන් දේශපාලන වශයෙන් අතරමං වෙලා ආතක් පාතක් නැතුව ඉන්න සියලු දෙනාගේ අලුත්ම උප්පරවැට්ටිය තමයි සන්ධානගත වීම. රටට ආදරය කරන අය සන්ධානගත වීම හොඳයි.

නමුත් මේ අතරමං වෙච්ච රට කාපු උන් මොන සන්ධාන ගැහුවත් ඉදිරි මැතිවරණයක දී ඒ ආයට හොඳ පාඩමක් උගන්නන්න ජනතාව බලාගෙන ඉන්නවා.

දැන් එක්සත් ජාතික පක්ෂයේ ලේකම් රංගේ බණ්ඩාර මහත්තයා කියනවා තව අවුරුදු 02 යනකම් ජනාධිපතිවරණයක් හෝ මහ මැතිවරණයක් පවත්වන්නේ නැත්නම් හොඳයි කියලා. වසර 02 කින් කල්දැමිය යුතුයි කියලා. එහෙම කරන්න නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක යෝජනා සම්මතයක් වෙන්න ඕන.ඒ වගේම ජනමත විචාරණයක් අවශ්‍යයි.

රංගේ බණ්ඩාර මහත්තයා ඔය මුට්ටිය දාලා තමයි බැලුවේ. දැන් එයාල දන්නවා මේක මොන විදියකින්වත් මැතිවරණයකින් ජයග්‍රහණ්ය කරන්න බෑ කියලා.”

Latest News

More like this

මීළඟ පොලිස්පති කවුද?

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට නියමිත බැවින්...

පාසල් වේලාව පැය භාගයකින් දීර්ඝ කළේ මේ නිසා.. අගමැතිනිය ගෙන් පැහැදිලි කිරීමක්

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් වේලාව විනාඩි තිහකින් දීර්ඝ...

දේශබන්දු වරදකරු වේ..

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඔහුට එරෙහිව එල්ල වූ චෝදනාවලට...

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...
error: Content is protected !!