IPL අවසාන මහා තරගයට එක් වී සිටි කලාතුරකින් දකින්නට ලැබෙන ජූහිගේ දුව සහ පුතා

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරඟාවලියේ අවසන් මහා තරඟයෙන් පසු ප්‍රවීන නිළි ජූහි චව්ලාගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුම ජයග්‍රාහී උණුසුමින් පිරී ගිය අතර කලාතුරකින් දක්නට ලැබෙන ඇගේ දරුවන් දෙදෙනාද එම ඡායාරූපවල දක්නට ලැබුණා.

පසුගිය ඉරිදා පැවති IPL 2024 අවසන් මහා තරගය නැරඹීමට ජූහි, ඇගේ සැමියා වන කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සම හිමිකරු වන ව්‍යාපාරික ජේ මේතා මෙන්ම දියණිය Jahnavi Mehta සහ පුති Arjun Mehta ද එක්ව සිටියා.

ශ්‍රේයස් අයියර්ගේ නායකත්වයෙන් යුත් කණ්ඩායමේ විශිෂ්ට ජයග්‍රහණයෙන් පසු ජූහි ඇගේ ඉන්ස්ටග්‍රෑම් පිටුවේ ඔවුන් එයින් අමන්දානන්දයට පත් වූ ඡායාරූප ගණනාවක් බෙදාගෙන තිබෙනවා.

විශේෂයෙන් ඇගේ දියණිය ජානවි සහ පුතු අර්ජුන ඉන්දීය මාධ්‍යවල සුලබව දක්නට ලැබෙන තරු දරුවන් දෙදෙනෙක් නොවන නිසා හැමෝටම එය සුවිශේෂී අත්දැකීමක් වුණා.

ජුහි චව්ලා, ජේ මේතා සහ ෂාරුක් ඛාන් IPL 2024 ජයග්‍රාහී කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමේ සම හිමිකරුවන් වෙනවා.ව්‍යාපාරික බැඳීමට එහා ගොස් ජූහි යනු සිනමාවේ ෂාරුක් ඛාන්ගේ ළඟම මිතුරියයි.

පසුගිය වසරේ මැයි මාසයේදී, ජූහිගේ දියණිය Jahnavi කොලොම්බියාවෙන් උපාධිය ලබා ගත් ඡායාරූපයක් ජූහි X හි පළ කළ විට ෂාරුක් ඛාන් ඔහුගේ මිලියන ගණනක් වන රසිකයන් අතරේ එය බෙදාගෙන තිබුණේ ” ඉතා විශිෂ්ටයි. නැවත පැමිණ ඇය සමඟ මෙය සමරන තෙක් ඉවසුමක් නැහැ. අතිශය ආඩම්බරයි. ඔබට ආදරෙයි Jaanz.” යනුවෙන් පවසමින්. ෂාරුක් ජුහිගේ දුවට කෙතරම් ආදරය ද යන්න ඒ තුළ ගැබ්ව තිබුණා. කොල්කටා නයිට් රයිඩර්ස් ජයග්‍රහණය සමඟ ෂාරුක්ගේ දරුවන් සහ ජූහිගේ දරුවන් එක්ව එම ජයග්‍රහණය සමරන ආකාරය ඉන්දීය මාධ්‍යවල ප්‍රමුඛ පුවතක් වී තිබුණා.

Latest News

More like this

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...

රාජිත අත්අඩංගුවට ගන්නේ නම් 18 දා උසාවියට කරුණු කියන්නැයි අල්ලස් කොමිසමට දැනුම් දීමක්

හිටපු ධීවර අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීමට...

යහපාලනයේ ‘සැමට සෙවණ’ ප්‍රචාරණ වියදම කෝටි 52යි

යහපාලන රජය සමයේ ක්‍රියාත්මක කරන ලද 'සැමට සෙවණ' ආදර්ශ...

යුක්‍රේන-රුසියානු යුද්ධය සම්බන්ධයෙන් ට්‍රම්ප්ගෙන් තීරණාත්මක තීන්දුවක්

රුසියානු ආක්‍රමණයට එරෙහිව සටන් කිරීමට උපකාර කිරීම සඳහා යුක්‍රේනයට...
error: Content is protected !!