හර්දික් පාණ්ඩ්‍යාගේ වත්කම්වලින් 70%ක් සහ බිරිඳ නාටාෂා අයිතිකරගත් සර්බියානු ජාතිකයා ගැන ඉන්දීය මාධ්‍ය කියන කතා

යෝග්‍යතා පුහුණුකරු ඇලෙක්සැන්ඩර් ඇලෙක්ස්ලික්(Alekzender Alexlic) මුම්බායි ඉන්දියන්ස් නායක හර්දික් පාණ්ඩ්‍යාගේ (Hardik Pandya) බිරිඳ වන නටාෂා ස්ටැන්කොවිච් (Natasa Stankovic)මේ දිනවල ඉන්දීය මාධ්‍යවල පමණක් නොව ලොව පුරා මාධ්‍යවල පුවත් මවන චරිත දෙකක්.

ඊට හේතුව වන්නේ නටාෂා ස්ටැන්කොවිච් හර්දික් ගෙන් දික්කසාදය ලබා ගැනීමෙන් පසු ඇලෙක්සැන්ඩර් ඇලෙක්ස්ලික් එකට පෙනී සිටීම නිසයි.

ඔවුන් මෑතකදී එකට ගත කළ දිනයක් පැපරාසීන් විසින් ලුහුබැඳ තිබූ අතර එම ඡායාරූප මාධ්‍යවල පළ වීමත් සමඟ බොහෝ අය හර්දික් නතාසා වෙන්වීමට හේතුව එය බවයි සඳහන් කළේ.

හර්දික් පාන්ඩ්‍යාගෙ බිරිඳ නටාෂා සර්බියානු ජාතික නිරූපන ශිල්පිනියක්.ඇලෙක්සැන්ඩර් ද සර්බියානු ජාතිකයෙක් වන අතර ඔහු දිෂා පටානිගේ පෙම්වතා බව පැවසෙනවා.දීෂා සුපිරි බොලිවුඩ් නළු ටයිගර් ෂෙරොෆ් ගේ පැරණි පෙම්වතියක් වගේම ඇලෙක්සැන්ඩර් නටාසා සහ දිෂා යන දෙදෙනාගේම හොඳ මිතුරෙකු බව පැවසෙනවා. ඔහුගේ අත්වල දීෂාගේ මුහුණේ පච්චයක් කොටා ඇති බැවින්, ඔහු දිෂා සමඟ පෙම් සබඳතාවක් පවත්වන බවට කටකතා පැතිරුණා.

“විදේශික නිරූපිකාවක් හා විවාහ වීමෙන් හර්දික් පාණ්ඩ්‍යාට ලැබුණේ මෙයයි. මතක තබා ගන්න, හර්දික් පාණ්ඩ්‍යා මධ්‍යම පාන්තික පවුලක අයෙකු වන අතර ඔහුගේ ජීවිතයේ බොහෝ අරගල කළ අයෙකි.” ඉන්දියානුවන් හර්දික් ගේ ඉරණම ගැන පවසා තිබුණේ එවැනි අදහස්.

මේ අතර හර්දික් පාණ්ඩ්‍යා සහ නටාෂා ස්ටැන්කොවිච් වෙන්වීමට එකඟ වී ඇති බවත් දික්කසාදයේ නියමයන්ට අනුව, හර්දික්ගේ ශුද්ධ වත්කමෙන් 70%ක් නටාසාට ලැබෙනු ඇතැයි වාර්තා පළ වුණා.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...