ලංකාවේ සුන්දරත්වය ලෝකයට කියන්න ආව බ්‍රිතාන්‍ය ජාතික තරුණියගේ බෑගය තවමත් සොයාගෙන නැහැ

ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝවක් නිර්මාණය කිරීම සඳහා මෙරටට පැමිණි අවස්ථාවේ ගමන් බෑගය බස් රථයක් තුළ දී සොරකම් කරනු ලැබූ එංගලන්ත ජාතික තරුණියගේ ගමන් බෑගය සොයා දෙන්නෙකුට ඩොලර් 5000 ක් (රු ලක්ෂ 15) ක් ලබා දෙන බව එම තරුණිය පවසා තිබෙනවා.

පිටකොටුවේ බැස්ටියන් මාවතේ බස් නැවතුම්පොළෙන් බස් රථයකට නැගුණ යූ ටියුබ් නාළිකාවක් පවත්වාගෙන යන තරුණියගේ බෑගය එම රථයේ ගමන් ගන්නා පුද්ගලයින් දෙදෙනෙකු විසින් සොරකම් කරන ආකාරය බස් රථයේ CCTV දර්ශනවල ද සටහන් වී තිබුණා.

ඇය ඉකුත් 24 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණ තිබුණ අතර දුම්‍ රියෙන් ඇල්ල බලා යාම සඳහා පිටකොටුවට පැමිණ තිබුණ අතර අයහපත් කාලගුණය හේතුවෙන් දුම් රිය අවලංගු වීම නිසා බැස්ටියන් මාවතේ බස් රථයකට ගොඩවී තිබෙනවා.

සොරකම් කරන ලද බෑගය තුළ ඇගේ ගුවන් ගමන් බලපත්‍රය,කැමරාව,ලැප්ටොප් පරිගණකය මෙන්ම ඩොලර් 2000 ක මුදල් පැවති බව ඇය පවසනවා.

සිය බෑගය නැති බව දැනගත් වහාම ඇය එම බස්නැවතුම් පොළේ පොලිසියට සහ කොටුව පොලිස් ස්ථානයට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

Latest News

More like this

රජයේ වෛද්‍යවරුන්ගෙන් අද සිට පිටින් බේත් ගන්න තුණ්ඩු නෑ

දිවයින පුරා සියලු‍ රෝහල්වල වෛද්‍යවරුන් පිටතින් ඖෂධ ගැනීම සඳහා...

ආරුගම්බේදී විදෙස් කතට අතවර කළ සැකකරු අත්අඩංගුවට

ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන්...

ගුරුවරියක් ලබා දුන් දඬුවමක් නිසා සිසුවියක් ජීවිතක්ෂයට !

ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගාර්හි පෞද්ගලික පාසලක 6 වන ශ්‍රේණියේ...

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...