ධාවනය වූ මගී ගුවන් යානයේ එන්ජිමේ හැපී පුද්ගලයකු මියයාම : සිය දිවි නසා ගැනීමක් දැයි සැකයක්

නෙදර්ලන්තයේ ඇමස්ටර්ඩෑම් හි Schiphol ගුවන් තොටුපළේදී ක්‍රියාත්මක වන මගී ගුවන් යානා එන්ජිමක ගැටීමෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ඩෙන්මාර්කය බලා පියාසර කිරීමට නියමිතව තිබූ KLM ගුවන් සේවයට අයත් Embraer ජෙට් යානයක එන්ජිමෙහි පුද්ගලයෙකු ගැටීමේ මෙම සිදුවීම සම්බන්ධයෙන් නෙදර්ලන්ත පොලිසිය මේ වන විටත් පරීක්ෂණ පවත්වනු ලබන බවයි සඳහන් වන්නේ.

මෙම සිද්ධිය හදිසි අනතුරක් ද නැතහොත් සියදිවි නසා ගැනීමක් ද යන්න නොදන්නා බව පොලිසියේ ප්‍රකාශකයෙකු රොයිටර් පුවත් සේවයට පවසා තිබෙනවා.

යානයේ සිටි සියලුම මගීන් සහ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව ඉවත් කර පරීක්ෂණ සිදු කරන බවයි පැවසෙන්නේ.

Latest News

More like this

අරගලයේ තරුණ නායකයා ඝාතනයෙන් පසු බංගලාදේශය යළිත් ඇවිළේ.. පුවත්පත් ආයතන දෙකක් ගිනි තබයි

තරුණ නායකයෙකු වූ ෂරීෆ් ඔස්මාන් හාඩි ඝාතන උත්සාහයකින් මරා...

බෙල්ලනගේ වැඩ තහනම් කළේ ඔන්ඩන්සෙට්‍රෝන් අපරාධය ගැන කතා කළ නිසා.. විපක්ෂ නායක සජිත්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සිදුවන අක්‍රමිකතා මාධ්‍යයට හෙළි දරව් කිරීම නිසා...

ලේ මාරු කිරීමකදී ඉන්දියාවේ දරුවන් පස් දෙනෙක්ට HIV ආසාධනය වේ

ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ සැට්නා දිස්ත්‍රික්කයේ රජයේ රුධිර පාරවිලයනය අතරතුර...

එකදු විදෙස් සංචාරකයෙකුගේ හෝ ජීවිත හානි නොවීමට අපි වගබලා ගත්තා.. විජිත හේරත්

ආපදාව අවස්ථාවේ මෙරටට පැමිණ සිටි කිසිදු විදෙස් සංචාරකයකුගේ ජීවිතයකට...