ශ්‍රී ලංකා ධජය අඟහරු වෙත යන්න සූදානම් – නාසා අයතනය පවසයි.

ඇමරිකාවේ නාසා අයාතනය වෙතින් මෙහෙයවන අඟ­හරු ගවේ­ෂණ මෙහෙ­යු­ම­ක­ට ශ්‍රී ලාංකික තරුණියක් එක් වී සිටින බව වාර්තා වෙනවා.

ඒ අනුව ආචාර්ය පියුමි විජේ­සේ­කර එළැඹෙන ජුනි 24 වෙනිදා අඟහරු වෙත යැවෙන අභ්‍යවකාශ මෙහෙයුමට එක් වනු ඇති අතර ඇය සමඟ ශ්‍රී ලංකා ධජය ද අඟහරු වෙත යැවෙන බව සඳහන්.ඇය එම ගමන සඳහා ශ්‍රී ලංකා ධජයෙන් සැරසුණු ඇඳුමකින් සැරසී එහි යනු ඇති බව සඳහන් වෙනවා.

එම මෙහෙ­යුම සඳහා සිව්දෙ­න­කු­ගෙන් යුත් කණ්ඩා­ය­මක් එක්වන බව ද ඉන් තිදෙ­න­කුම ආසි­යා­ති­ක­යන් වීම විශේ­ෂ­ත්ව­යක් බව ද අමෙ­රිකා එක්සත් ජන­ප­දයේ නාසා ආය­ත­නය පවසා තිබෙනවා.

ඔවුන් දින 45ක් මෙම අභ්‍ය­ව­කාශ මෙහෙ­යු­මට එක්වන අතර, ඔවුන් මෙලෙස එක්වන්නේ අඟ­හරු ග්‍රහයා මත වාසය කිරී­මට අදාළ පරී­ක්ෂ­ණ­ය­කට වන අතර, සඳ, අඟ­හරු සහ ඉන් ඔබ්බට වන ගැඹුරු අභ්‍ය­ව­කාශ මෙහෙ­යුම් සඳහා ගග­න­ගා­මීන් යැවී­මට පෙර එහි තත්ත්ව­යන්ට අනු­ගත වන ආකා­රය අධ්‍ය­ය­නය කිරීම මෙහිදී සිදු­වන බව ද නාසා ආය­ත­නය ප්‍රකාශ කර තිබෙනවා.

මෙම මෙහෙ­යු­මට එක්වන ආචාර්ය පියුමි විජේ­සේ­කර නාසා ආය­ත­නයේ විද්‍යා­ඥ­ව­රි­යක ලෙස කට­යුතු කරන අතර ඇය ජෛව ඉංජි­නේරු විද්‍යා­වෙන් උසස් අධ්‍යා­ප­නය ලැබූ අයෙකි.

Latest News

More like this

පරිස්සමෙන්.. ගංවතුරට අහුවුණ සහල් වෙළඳපොළට බෙදාහරින ජාවාරමක්

මහනුවර දිස්ත්‍රික්කයේ හාරිස්පත්තුව ප්‍රදේශයේ ගංවතුරෙන් හානි වූ පරිභෝජනයට නුසුදුසු...

වටගලගේ නියෝගයෙන් පසු හදිසි නීතිය යටතේ පොලිසිය වැඩට බහී..

ජනාධිපතිවරයාට හා ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව සමාජ මාධ්‍ය ඔස්සේ...

'ශ්‍රී ලංකාව නැවත ගොඩනැගීමේ අරමුදලට' මේ දක්වා රුපියල් මිලියන...