2024 T20 ලෝක කුසලාන තරඟාවලියේ ජුනි 9 වනදා පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පකිස්තානය අතර තරගයට තර්ජන එල්ල වන බවට වාර්තා වීමත් සමඟ නිව්යෝර්ක්හි අයිසන්හවර් පාර්ක් ක්‍රීඩාංගනයේ ආරක්ෂාව තර කිරීමට කටයුතු කර ඇතැයි වාර්තා වෙනවා.
ආණ්ඩුකාර කාර්යාලය විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වෙන්නේ ඔවුන් තත්ත්වය නිරීක්ෂණය කරමින් සිටින බවයි.
මෑන්හැටන් සිට සැතපුම් 25 ක් පමණ නැගෙනහිරින් පිහිටා ඇති අයිසන්හවර් පාර්ක් ක්‍රීඩාංගනයේ, ජූනි 3 සිට ජූනි 12 දක්වා ඉහළ පෙළේ ඉන්දියා-පකිස්තාන තරගය ඇතුළුව තරග අටක් පැවැත්වීමට නියමිත බවයි වාර්තා වන්නේ.
නිව් යෝර්ක් ප්‍රාන්තයේ ආණ්ඩුකාර Kathy Hochul, මෙම තරගාවලිය ආරක්ෂිතව පැවැත්වීම සහතික කිරීම සඳහා ඇගේ පරිපාලනය මාස ගණනාවක් තිස්සේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ කටයුතු කරමින් සිටින බව පෙන්වා දී තිබෙනවා.
“නීතිය බලාත්මක කිරීම වැඩි කිරීම, උසස් නිරීක්ෂණ සහ පරිපූර්ණ පරීක්‍ෂණ ක්‍රියාවලීන් ඇතුළුව ඉහළ ආරක්‍ෂක පියවරවල නිරත වන ලෙස මම නිව් යෝර්ක් ප්‍රාන්ත පොලිසියට උපදෙස් දුන්නා” යැයි ඇය ප්‍රකාශ කර සිටියා.
“මහජන ආරක්ෂාව මගේ ප්‍රමුඛතාවය වන අතර ක්‍රිකට් ලෝක කුසලානය ආරක්ෂිත, ප්‍රීතිමත් අත්දැකීමක් බවට සහතික කිරීමට අපි කැපවී සිටිමු.”ඇය පවසනවා.
ESPNcricinfo විසින් වාර්තා කරන ලද තර්ජනයට හේතුවන සාධක කිසිවක් බලධාරීන් තවමත් සොයා ගෙන නොමැති බව වැඩිදුරටත් සඳහන්.