පිස්සුවෙන් වගේ ඕඩර් කරන Shein නිෂ්පාදනවල අධික විෂ රසායනික සංයෝග සොයා ගනී

චීනයේ ආරම්භ කරන ලද ඔන්ලයින් සාප්පු සවාරි වේදිකාවක් වන Shein විසින් විකුණන ළමා නිෂ්පාදන ඇතුළු නිෂ්පාදනවල පිළිගත හැකි මට්ටමට වඩා සිය ගුණයකින් විෂ සහිත ද්‍රව්‍ය අඩංගු බව දකුණු කොරියාව මැයි 28 වැනි දා ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

සිංගප්පූරුවේ මූලස්ථානය පිහිටා ඇති Shein, මෑත වසරවලදී ලොව පුරා ජනප්‍රියත්වය ඉහළ ගොස් ඇති අතර, ඉතා අඩු මිලට නවීන ඇඳුම් සහ උපාංග විශාල ප්‍රමාණයක් ලබා දෙන ඔන්ලයින් වේදිකාවකි.

එහි මෑත කාලීන ජනප්‍රියත්වයත් සමඟ යුරෝපීය සංගමය සහ දකුණු කොරියාවේ බලධාරීන් එහි ව්‍යාපාරික පිළිවෙත් සහ ආරක්ෂණ ප්‍රමිතීන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට කටයුතු කළා. එහිදී සෝල් බලධාරීන් Shein, Temu සහ AliExpress ඇතුළු වේදිකා මගින් අලෙවි කරන අයිතම සතිපතා පරීක්‍ෂාවට ලක් කිරීමට කටයුතු කරනු ලැබුවා.

එම පරීක්ෂා කිරීම්වලදී Shein විසින් අලෙවි කරන ලද ළමා සපත්තු, සම් බෑග් සහ බෙල්ට් ඇතුළු නිෂ්පාදන අටක් තෝරා ගත් අතර ප්ලාස්ටික් මෘදු කිරීමට භාවිතා කරන ඉහළ පෙළේ රසායන ද්‍රව්‍යයක් වන Phthalates නම් රසායනය ඒවාහි අඩංගු බව සොයා ගෙන තිබෙනවා.

එක් සපත්තු යුගලයක අවසර ලත් මට්ටමට වඩා 428 ගුණයක් Phthalates අඩංගු බව එහි දී අනාවරණය වී තිබෙනවා. සෝල් හි පරීක්ෂාවේදී මෙතෙක් නිරීක්ෂණය කළ ඉහළම අගය සටහන් කරමින් බෑග් තුනක එහි පැවතිය යුතු සීමාව මෙන් 153 ගුණයක් තරම් ඉහළ ප්‍රමාණයකින් එම රසායනිකය අඩංගු වූ බව සෝල් බලධාරීන් පෙන්වා දී තිබෙනවා.

ප්ලාස්ටික් මෘදු කිරීම සඳහා Phthalates බහුලව භාවිතා කරන අතර බහාලුම්, රූපලාවන්‍ය නිෂ්පාදන සහ සෙල්ලම් බඩු ඇතුළු නිෂ්පාදන දහස් ගණනක දක්නට ලැබෙන රසායනික ද්‍රව්‍යයක් ලෙස සැලකෙනවා. එය හෝමෝන බාධා ඇති කරන තරබාරුකම, හෘද රෝග, සමහර පිළිකා සහ ලිංගික සරු භාවයට ද බලපෑම් කරන්නක්.

සෝල් බලධාරීන් Agencey France-Presse (AFP) වෙත පැවසුවේ ඔවුන් මෙම නිෂ්පාදන අලෙවියෙන් ඉවත් කරන ලෙස ඉල්ලා සිටි බවත්, අප්‍රේල් මාසයේදී පරීක්ෂා කිරීම් ආරම්භ කළ දා සිට බොහෝ ඔන්ලයින් වේදිකා එවැනි ඉල්ලීම්වලට අනුකූල වී ඇති බවයි.

Shein ප්‍රකාශකයෙකු AFP වෙත පවසා ඇත්තේ සමාගම “නිෂ්පාදන ආරක්ෂාව ඉතා බැරෑරුම් ලෙස සලකන” බවයි. සමාගම, නිෂ්පාදන ආරක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල වීම සහතික කිරීම සඳහා ජාත්‍යන්තර තෙවන පාර්ශවීය පරීක්ෂණ ආයතන සමඟ ක්‍රියා කරන බව ද සඳහන් කර තිබෙනවා.

මේ වන විට සෝල් බලධාරීන් පවසා ඇත්තේ තමන් නිෂ්පාදන 93ක් පරීක්ෂා කර ඇති අතර ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක විෂ සහිත ද්‍රව්‍ය ඇති බව සොයාගෙන ඇති බවයි. මෙම අයිතම අතර ළමා ඔරලෝසු සහ වර්ණ පැන්සල් ද ඇතුළත් වෙනවා.

පසුගිය මාසයේ, යුරෝපීය සංගමය, අනාරක්ෂිත නිෂ්පාදන, විශේෂයෙන්ම බාලවයස්කරුවන්ට හානිකර විය හැකි දැඩි ආරක්ෂණ නීති යටතේ ගෙන්විය යුතු ද්‍රව්‍ය ඇතුළත් විශාල ඩිජිටල් සමාගම් ලැයිස්තුවට Shein ද ඇතුළත් කරනු ලැබුවා.

Latest News

More like this

සුජීව සේනසිංහ V8 එක ගැන පරීක්ෂණවලදී ප්‍රකාශයක් ලබාදීම හයවතාවක් මඟ ඇරලා

නීති විරෝධීව එක්ලස් කළා යයි චෝදනා එල්ල වී ඇති...

25 හැවිරිදි තරුණියකගේ ගෙල කපා සිදු කළ මහා අපරාධය..

මැණික් ඔපදමන්නියක ලෙස පෞද්ගලික ආයතනයක සේවය කළ විසිපස් හැවිරිදි...

ශ්‍රී ලංකා පොලිස් ෆේස්බුක් පිටුවෙන් බ්ලොක් කිරීමට එරෙහිව මානව හිමිකම් ගිය තරුණයා

ශ්‍රී ලංකා පොලිසියේ නිල ෆේස්බුක් පිටුවෙන් තම ෆේස්බුක් ගිණුම...

පැය 48කදී ඊශ්‍රායලය ගාසා තීරයේ 300ක් ඝාතනය කරයි

පසුගිය පැය 48 තුළ ඊශ්‍රායල හමුදා විසින් පලස්තීන ජාතිකයින්...
error: Content is protected !!