ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ගැන හොයන්න ජ්‍යාත්‍යන්තර නිරීක්ෂණයන් දැන් ඉඳලම ෆීල්ඩ් එකේ වැඩ

ශ්‍රී ලංකාවේ ඉදිරි ජනාධිපතිවරණය පැවැත්වීම පිළිබඳව ජාත්‍යන්තර අවධානය යොමු වී ඇති අතර, යුරෝපා සංගමය දැනටමත් සිය විශේෂඥයින් භූමියේ තත්ත්වය පිළිබඳ පූර්ව මැතිවරණ තක්සේරුවක් සඳහා යොදවා ඇති බව ආරංචි මාර්ග පවසයි.

ශ්‍රී ලංකාවේ ජාතික මැතිවරණ නිරීක්ෂණය කිරීම සඳහා මැතිවරණ නිරීක්ෂකයින් යෙදවීම සාමාන්‍ය තත්ත්වයක්.

ඔවුන් රට තුළ නිදහස් හා සාධාරණ මැතිවරණ ක්‍රියාවලියක් සහතික කරන්නේද යන්න තහවුරු කර ගැනීම සඳහා පූර්ව මැතිවරණ තක්සේරු කිරීම් ද සිදු කරනු ලබනවා.

කෙසේ වෙතත්, එය මේ වසරේ විශේෂ වැදගත්කමක් ගන්නේ ශ්‍රී ලංකාව ප්‍රථම වරට අපේක්ෂකයින්ගේ මැතිවරණ වියදම් නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රචාරක මූල්‍ය පනත ක්‍රියාත්මක කිරීමට යන බැවිනි.

නව නීතිය ක්‍රියාත්මක කිරීම පසුගිය කාලයේ ශ්‍රී ලංකාවේ මැතිවරණ නිරීක්ෂණය කළ යුරෝපා සංගමයේ විශේෂඥයන්ගේ නිර්දේශයක් ද වී තිබුණා.

යුරෝපා සංගම් නියෝජිත පිරිස තමන් හමුවූ බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා තහවුරු කර තිබෙනවා.

මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මැතිවරණ පැවැත්වීම නිරීක්ෂණය කිරීම සඳහා දල් විද්වත් කණ්ඩායමක් දිවයිනට පැමිණෙන බව ඔහු පවසා සිටියා.

Latest News

More like this

බදුල්ලේ වයස අවුරුදු 15ක දරුවෙක්ට ඒඩ්ස්

බදුල්ල දිස්ත්‍රික්කයේ වසය අවුරුදු 15ක දරුවකුට HIV ආසාදනය වී...

රජයේ මාධ්‍ය ප්‍රතිපත්තිය මාස තුනක් තුළ එළිදැක්වෙනවා… ඇමති නලින්ද

රජය විසින් ඉදිරිපත් කිරීමට නියමිත මාධ්‍ය ප්‍රතිපත්තිය ඉදිරි මාස...

වාහන ආනයනය හා විදෙස් සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැහැ… ඇමති නලින්ද ජයතිස්ස

වාහන ආනයනය සහ විදේශ සංචිත අඩුවීම අතර සම්බන්ධයක් නැති...

ඊශ්‍රායල අගමැති නෙතන්යාහු ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගයට නම් කළේ ඇයි?

ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද ජනාධිපති ධුරයට පත් වීමෙන් පසු...
error: Content is protected !!