රුසියාවට යන ධූත පිරිසට උදයංග නැහැ

ශ්‍රී ලාංකිකයින් මෙරටින් ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ලබන සතියේ රුසියාවට යාමට නියමිත නිල නියෝජිත පිරිසට රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සහභාගි නොවන බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පවසා තිබෙනවා.

හිටපු තානාපතිවරයාගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ පිළිබඳ ප්‍රශ්ණ කිහිපයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ රජය මේ සම්බන්ධයෙන් වීරතුංග සම්බන්ධ කරගත්තේ නොමැති බවයි.

මාධ්‍ය අවධානය අවශ්‍ය ඇතැම් පුද්ගලයන්ගේ ප්‍රකාශ නිවැරදි කිරීමට විදේශ අමාත්‍යාංශයට කාලය නාස්ති කළ නොහැකි බව ද ඔහු මෙහි දී සඳහන් කළා.

දශකයකට ආසන්න කාලයක් ශ්‍රී ලංකා රජයේ නියෝජිතයෙකුගේ ආන්දෝලනාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් අමාත්‍යාංශය සැලකිලිමත් වන්නේ දැයි විමසූ විට විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ මෙම ප්‍රකාශවල කිසිදු හරයක් නොමැති බවයි.

“ඔහු දශකයක් තානාපතිවරයකු ලෙස කටයුතු කිරීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්. ඔහු ලංකාවේ ප්‍රශ්නයට අදාළව පමණක් නොව තවත් විවිධ කාරණාවලට අදාළව බොහෝ ප්‍රකාශ කරමින් සිටිනවා” යැයි ඔහු පැවසුවා.

රුසියාවේ ශ්‍රී ලංකා දූත පිරිස සමඟ හිටපු තානාපතිවරයකු ද සහභාගී වන බවට තමන් කළ ප්‍රකාශය මාධ්‍ය මගින් වැරදි ලෙස වාර්තා කළ බව පැහැදිළි කළ රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ හිටපු තානාපති උදයංග වීරතුංග නොවන බවයි.

“පුවත්පත් එවැනි දෙයක් වාර්තා කිරීම ඉතා කනගාටුදායකයි. උදයංග රුසියාවට යනවා කියලා හැමෝම හිතන්න පටන් ගත්තා, ඒක එහෙම නැහැ”

හිටපු තානාපතිවරයා සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී වීරතුංග සමඟ ආණ්ඩුව කටයුතු නොකරන බවද අවධාරණය කළා.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...

ගුරුවරයෙක් වෙන්න නම් අධ්‍යාපන සභාවේ බලපත්‍රය අනිවාර්යයි

ගුරු වෘත්තියට පිවිසීම සඳහා ඉදිරියේදී අධ්‍යාපන සභාවේ ලියාපදිංචි වී...
error: Content is protected !!