ඉන්දියාවේ දී ඇල්ලූ ISIS සැකකරුවන් 4දෙනා ලංකාවට ගේන්න සාකච්ඡා

ශ්‍රී ලාංකිකයන් සිවුදෙනා මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන බව විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා පවසනවා.

මාධ්‍ය කළ විමසීමකට පිළිතුරු දෙමින් ඔහු පවසා ඇත්තේ ඒ සඳහා මේ වන විටත් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් සාකච්ඡා පවත්වන බවයි. 

මොවුන්ගෙන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව කරුණු ප්‍රශ්න කර ඇතත් එය ඔවුන් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔවුන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමෙන් පසු තවදුරටත් ඒ පිළිබඳව ප්‍රශ්න කිරීමට ආරක්ෂක අංශවලට හැකියාව ලැබෙන බව අලි සබ්‍රි මහතා පවසා තිබෙනවා.

දැනට ලැබෙන තොරතුරු අනුව මත්ද්‍රව්‍ය ජාවාරම් පිළිබඳව ඔවුන්ගෙන් තොරතුරු ලැබෙමින් පවතින බව ඔහු සඳහන් කර සිටියා.

Latest News

error: Content is protected !!