ආණ්ඩුව එලෝන් මස්ක්ට විකුණන්න හදන දේ වහාම රටට හෙළි කළ යුතුයි

ලෝකයේ කුප්‍රකට ජාවාරම්කරුවන් මෙරටට ගෙන්වා ඔවුන්ගේ පැමිණීම විදෙස් ආයෝජන වශයෙන් පෙන්වා දීමට රජය උත්සහ කරන බව ජාතික ජන බලවේගයේ විධායක සභික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසනවා.

ඔහු පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ,ලෝක ධනවතෙකු වන ඊලොන් මස්ක් ලංකාවට ගෙන්වන්නේ ද එම පදනමින් බවයි.

“ජනාධිපතිගේ ඉන්විටේෂන් එකට ආවට ඒ අය එන්නෙ ආයෝජනවලටමයි කියල අපි විශ්වාස කරන්නෙ නෑ. ලෝකයේ කිසිම ආයෝජකයෙක් අස්ථාවර ජනවරමක් නැති දේශපාලනයක් තියෙන රටකට එන්නෙ නෑ. එහෙම එනවනම් කවුරු හරි කෙනෙක් ඔවුන් එන්නෙ කුප්‍රකට ගණුදෙනු සඳහා පමණයි. ජාවාරම් ගණුදෙනුවලට විතරයි. එහෙම නම් රනිල් වික්‍රමසිංහ කියන්න ඕනෙ එයාලා එලෝන් මස්ක්ලට විකුණනන්නෙ මොනවාද කියලා ලංකාවේ. අපිට මතකයි රනිල් වික්‍රමසිංහ ඔයිට කලින් බලේ ඉද්දි ජේම්ස් පැකර්ව ගේන්න උත්සහ කළා. ලංකාවට වෙනම කැසිනෝ වීදි ගහන්න උත්සහ කළා. ආර්ථික ඝාතකයො ගෙන්නලා ලංකාවෙ මිනිස්සුන්ට ඇස් බැන්දුම් පෙන්නලා ඡන්දෙ දිනන්න රනිල් හිතනවනම් අපි හිතනව ඒක අසාර්ථක වෑයමක් කියලා”

Latest News

More like this

ට්‍රම්ප්ට ඩිමෙන්ෂියා ද?

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා FIFA Club ලෝක...

යුක්‍රේනයට මොස්කව් ඉලක්ක කිරීමට ඉඩ දෙන්නේ නැහැ… ට්‍රම්ප්කියයි

යුක්‍රේනය මොස්කව් ඉලක්ක නොකළ යුතු බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ්...

ඇසළ පෙරහරේ ආසන රු 65,000ට නගී

මහනුවර ඇසළ පෙරහර මංගල්ලයේ නැරඹුම් ආසන ටිකට්පත් රුපියල් 50,000ත්...

වෛද්‍ය මහේෂිට ඇප… ජපුර රෝහලට ඇතුළුවීම තහනම්

ශල්‍ය උපකරණ ඉහළ මිල ගණන්වලට රෝගීන්ට විකිණීම තුළින් දූෂණය...
error: Content is protected !!