නිල් චිත්‍රපට නිළිය සමඟ අනියම් පෙමට ට්‍රම්ප් වැරදිකරු වෙයි

නිල් චිත්‍රපට නිළියක් වන ස්ටෝමි ඩැනියෙල්ස් සමඟ අනියම් ඇසුරක් පවත්වා පසුව එය යට ගැසීමට මුදල් ලබා දුන් බව කියන චෝදනා සම්බන්ධයෙන් ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු බව නිව් යෝර්ක් හි අධිකරණයක් තීරණය කර තිබෙනවා.

ඒ අනුව අපරාධයකට වරදකරු වූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට ට්‍රම්ප් පත් වී තිබෙනවා.

නිල් චිත්‍රපට තරුවක් වන ස්ටෝමි ඩැනියෙල්ස්ට කරන ලද මුදල් ගෙවීමට අදාළව ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීමේ අපරාධ චෝදනා 34ටම ට්‍රම්ප් වරදකරු වී ඇති බවයි පැවසෙන්නේ.

ජූලි 11 වැනිදා ඔහුගේ දඬුවම් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

ට්‍රම්ප් උපරිම වශයෙන් වසර හතරක සිර දඬුවමකට මුහුන දෙනු ඇති නමුත් ප්‍රවීණයන් පවසන්නේ ඔහුට සිර දඬුවමක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකි බවයි.

ඒ වෙනුවට ඔහුට පරිවාස හෝ ප්‍රජා සේවයක් නියම විය හැකිබව වාර්තා වෙනවා.

මේ අතර ඉදිරි ජනාධිපතිවරණයට ඔහුගේ ඉදිරිපත් වීම ද අවිනිශ්චිතතාවයට පත්වන බවයි වාර්තා වන්නේ.ඊට හේතුව අපරාධකරුවකුට ඇමරිකානු ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට හැකියාව ඇතිද යන ගැටලුව පැවතීමයි. කෙසේ වෙතත් එක්සත් ජනපදයේ ජනාධිපතිවරණ අපේක්ෂකයකු වීම කෙරෙහි දැනට බලපාන නීති අතර ඒ සඳහා බාධාවක් නොමැති බව විශ්ලේශකයින් පෙන්වා දී තිබෙනවා.

Latest News

More like this

මුහම්ම්ද් නබිතුමන්ට කාටුනයකින් අපහාස කළ තුර්කියේ මාධ්‍යවේදීන් සිව් දෙනෙක් අත්අඩංගුවට

මාධ්‍ය මර්දනය සම්බන්ධයෙන් කලු පැල්ලම් සහිත ඉතිහාසයක් ඇති තුර්කිය...

ඉන්දියාවේ ජනප්‍රිය තාරකාවක් හදිසියේම ජීවිතක්ෂයට

Big Boss 13 රියැලිටි වැඩසටහන ඔස්සේ ජනප්‍රිය වූ ෂෙෆාලි...

බදුවලින් බේරෙන්න ගහපු ගේමක් මාට්ටු වී ආනයනය කළ වාහන 300 ක් යළි හරවා යවයි

වාහන ආනයනයේදී සිදුවූ වංචාවක් අනාවරණය කර ගැනීමෙන් අනතුරුව වාහන...
error: Content is protected !!