සයිටම් ආයතනය මොරටුව විශ්වවිද්‍යාලය යටතට

සයිටම් (SAITM) ආයතනය සහ නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල (NFTH) අගෝස්තු මාසයේදී මොරටුව විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙත පැවරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

2025 ජනවාරි මාසයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට පෙර විශ්වවිද්‍යාලයට පූර්ව විධිවිධාන සලසා ගැනීම සඳහා එය සිදු කරන බවයි පැවසෙන්නේ.

පුද්ගලික වෛද්‍ය පීඨ විවෘත කිරීමට අනුප්‍රාප්තික රජයන් දැරූ උත්සාහය ඊට එල්ල වූ දැඩි විරෝධය හමුවේ අවසන් කිරීමට සිදුවුණා.

සයිටම් ආයතනයත් ඊට පෙර රාගම උතුරු කොළඹ විශ්වවිද්‍යාලයත් වසා දමන්නට සිදුවූයේ මෙවැනි විරෝධතාවලින් පසුවයි.

පසුව උතුරු කොළඹ විශ්වවිද්‍යාලය රජයේ පාලනය යටතේ පවතින කැලණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය ලෙස ස්ථාපිත වුණා.

Latest News

error: Content is protected !!