හෝටල්වල ‘Happy Hour’ තහනම් කිරීමට එරෙහිව විරෝධයක්

මත්පැන් සඳහා වට්ටම් ලබා දෙන්නේ නම් එක් අධ්‍යක්ෂකවරයෙකුට රුපියල් 50,000 ක දඩයක් නියම කරන බව සඳහන් කරමින් ‘Happy Hour’ තහනම් කිරීමට දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය ගත් පියවරට ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්ත හිමියන් විරෝධය පළ කර තිබෙනවා.

“එය කර්මාන්තයට බරපතල කාරණයක්,” ශ්‍රී ලංකා සංචාරක හෝටල් සංගමයේ සභාපති එම් ශාන්තිකුමාර් පවසා තිබෙනවා.

“Happy Hour සංකල්පය තියෙන්නේ ශ්‍රී ලංකාවේ පමණක් නොවෙයි. එය ලොව පුරා පවතින දෙයක්”

‘Happy Hour’ ප්‍රවර්ධන අතරතුර හෝටල් මධ්‍යසාර සඳහා වට්ටම් ලබා දෙන බවට ලැබුණු පැමිණිලි කිහිපයකට අනුව මෙම තීරණය ගත් බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණා.

මෙම ක්‍රියාව NATA පනත උල්ලංඝණය කිරීමක් ලෙස සලකනු ලැබූ අතර සියලු හෝටල්වලට මත්පැන් සඳහා වට්ටම් ලබාදීම නතර කරන ලෙසට නියෝග කිරීමට එය හේතු වූ බව එහි සඳහන්

හෝටල් දිගටම වට්ටම් ලබා දී පාරිභෝගිකයින් සතුටු කරන්නේ නම් එක් අධ්‍යක්ෂවරයෙකුට රුපියල් 50,000 ක දඩයක් නියම කිරීමට ඒ ඔස්සේ සූදානම් වන බව වාර්තා වෙනවා.

අර්බුදය විසඳීම සඳහා ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියට කරුණු ඉදිරිපත් කර ඇති බව ශාන්තිකුමාර් මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

අපි මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතාට ද ලිඛිතව දැනුම් දී තිබෙනවා යැයි ඔහු සඳහන් කර සිටියා.

Latest News

More like this

ශ්‍රී ලංකාව ඇමරිකාව සමඟ වෙළඳ ගිවිසුමකට යා යුතුයි.. මහාචාර්ය වසන්ත අතුකෝරාල

රී ලංකාව ඇමරිකාව සමග අවම වශයෙන් වසර 05කට පමණ...

රජයෙන් සීමා වැටුණොත් වාහන මිල අහසේ… වාහන ආනයනකරුවෝ අනතුරු අඟවයි

මෙරටට වාහන ආනයනය කිරීමට මෙම අවුරුද්ද සඳහා වෙන් කරන...

44%ක ඇමරිකානු තීරු බද්දෙන් රැකියා 50,000ක් අහිමි වෙන ලකුණු

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අන්‍යෝන්‍ය තීරු බදු යටතේ පසුගිය...
error: Content is protected !!