සිරිකොත වහාම අපට භාර දෙන්න.. – සිරිකොත අත්පත් කර ගැනීමේ සජබ-එජාප ද්වන්ධ සටන ඇරඹේ

එක්සත් ජාතික පක්ෂ මූලස්ථානය වන සිරිකොත සමගි ජන බලවේගය (SJB) වෙත ලබා දෙන ලෙස එම පක්ෂය පසුගිය (31) වන දින ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මැතිවරණ කළමනාකරු සුජීව සේනසිංහ කියා සිටියේ සජබයට සිරිකොතට හිමිකම් කීමේ අයිතියක් ඇති බවයි.

“අපි හිටපු එක්සත් ජාතික පාක්ෂිකයන් නිසා සිරිකොතට හිමිකම් කියන්න අපට අයිතියක් තියෙනවා,” ඔහු පවසා තිබෙනවා.

එක්සත් ජාතික පක්ෂයේ වත්මන් තත්ත්වය පිළිබඳව කණස්සල්ල පළ කළ සේනසිංහ මහතා වැඩිදුරටත් පැවසුවේ “එජාප නායකයා තම හෘද සාක්ෂියට එකඟව කටයුතු කර සිරිකොත අපට භාර දෙනු ඇතැයි බලාපොරොත්තු වන බවයි.

ඔහු එසේ කළ යුත්තේ ඉතිරි වී සිටින එජාප පාක්ෂිකයන් වෙනුවෙනි. සිරිකොත අපිට බාර දුන්නොත් එයාගේ සමහර පව් කමා වෙනවා.” යැයි ඔහු පැවසුවා.

මේ අතර ජනාධිපතිවරයාගේ සහ පාර්ලිමේන්තුවේ කාලය දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය යැයි එජාප මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මහතා කළ ප්‍රකාශය ගැනද සඳහන් කරමින් ඔහු පැවසුවේ එහිදී ඔහු ජනාධිපතිවරයාට හිතවත් වූයේ කෙසේදැයි විශ්වාස කළ නොහැකි බවයි. “රංගේ බණ්ඩාර ඒ දවස්වල එජාපයේ සිටි දැඩි වික්‍රමසිංහ විරෝධී චරිතයක්.

ඒ කාලය තුළ එජාප නායකත්වය වෙනස් කිරීමට ඔහු අප සමඟ පෙරමුණේ සිටියා. 2018 පිහිටවූ දින 52ක ආණ්ඩුවට මාරු වීම නැවැත්තුවේ මම. ඒ කාලය තුළ ඔහුට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඇමතිකමක් පවා පිරිනැමුවා”යැයි සේනසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

More like this

රනිල් ගැන හොයන්න UK ගිය CID නිලධාරීන් නීතිපති දෙපාර්තමේන්තුවේ මීටිමකට කැඳවයි..

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට රාජ්‍ය අරමුදල් අවභාවිත කිරීම...

විදුහල්පතිවරුන් හා ගුරුවරුන්ගේ මොළවලට කණහරහා පහරක් ගැසූ සිරිමාවෝ දුව

සිරිමාවෝ බාලිකාවේ දුවක් පාසලේ වර්ණ ප්‍රදානෝත්සවයේදී කළ කතාව පෞද්ගලික...

ශ්‍රී ලංකාවේ ඩිජිටල් පපරිවර්තනය සඳහා ලෝක බැංකුවෙන් මිලියන 50ක් අනුමත කෙරේ

මෙරට ඩිජිටල් ක්ෂේත්‍රයේ නවෝත්පාදන සහ ආයෝජන ප්‍රවර්ධනය කිරීම, රජයේ...

අමෙරිකාව IS සංවිධානයෙන් පළිගැනීම ආරම්භ කරයි

එක්සත් ජනපද හමුදා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍ය (ISIS) කණ්ඩායම් ඉලක්ක...