මේ මොහොත උදාවන තෙක් මගේ ජීවිතේ අවුරුදු 35ක් අල්ලාගෙන සිටියා – රට ගොඩගන්න අනුර කළ කැපවීම හෙළි කරයි

මෙරට සම්ප්‍රාදයික දේශපාලන ප්‍රභූ දේශපාලනය තුළ පවුල් තුළ බලය හුවමාරු කිරීමේ ක්‍රමය ජාතික ජන බලවේගයේ පාලනයක් තුළ අවසන්වන බවත් ඉන්පසු බල හුවමාරුවේ බැටනය මාරුවෙන්නේ සාමාන්‍ය තරුණයා අතට බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

එම බල හුවමාරුව සඳහා සුදුසු අවස්ථාව එනතුරු ධෛර්යයෙන් යුතුව අල්ලාගෙන සිටිය යුතු බව ඔහු ඊයේ (02) කුරුනෑගල තරුණ රැළිය අමතමින් ප්‍රකාශ කළා.

ඒ සඳහා සිය ජීවිතයේ වසර 35 ක කාලයක් විවිධ අවලාද අපහාස,චෝදනා ජනතා ප්‍රතික්ෂේප කිරීම් හමුවේ අල්ලාගෙන සිටි බව ඔහු පවසා සිටියා.

එමෙන්ම පවතින ක්‍රමවේදයට එරෙහිව පැන නැඟුණු අරගලයේ සැබෑ හරයට සමපාතවන එකම දේශපාලනය පවතින්නේ ජාතික ජන බලවේගය සතුව බවත් ඉසෙඩ් සහ ඇල්ෆා පරම්පරාවේ තරුණයින් රටේ අනාගතය වෙනස් කරන ගමනේ තීරණාත්මක මැදිහත්වීම සිදු කර ජාතික ජන බලවේගයට බලය ලබා දෙන දිනය වැඩි ඈතක නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

අනුර කුමාර දිසානායක මහතා කුරුණෑගල තරුණ රැළිය අමතමින් කළ සම්පූර්ණ කතාව..

Lakvahini Youtube Channel..>>

Latest News

More like this

රටට වුණු හානිය ලෝකෙට පෙන්නන වීඩියෝ පටයක් හදාගන්න තාම ආණ්ඩුවට බැරි වුණා – මරික්කාර්

දිට්වා සුළි කුනාටුවෙන් සිදු වුණු හානිය තක්සේරු කිරීමට රජය...

නියත වශයෙන්ම ලිට්‍රෝ ගෑස් හිඟයක් එනවා..

එළඹෙන අප්‍රේල් මස වන විට රට තුළ ගෑස් හිඟයක්...

කාලගුණ දෙපාර්තමේන්තු නිලධාරීන් කාර්යාල අඩස්සියේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට ආණ්ඩුවේ බලපෑමට...

ඖෂධ ආනයනයට රජය හෝ අමාත්‍යවරයා මැදිහත් වෙන්නේ නැහැ.. ඉස්සරත් එහෙමයි දැනුත් එහෙමයි..

ඖෂධ ආනයනය කිරීම කිසිදු විටකදී අමාත්‍යවරයෙකු හෝ රජයක් මත...