මහින්දානන්ද රාජපක්ෂ කෙනෙක්ගේ කකුල කඩයි

රී ලංකා පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ ගුණතිලක රාජපක්ෂ අතර බහින්බස් වීමක් දුර දිග යාම අවසානයේ ගුටි බැට හුවමාරුවක් සිදු වීමෙන් තුවාල ලැබූ ගුණතික රාජපක්ෂ මන්ත්‍රීවරයා කොළඹ යුධ හමුදා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේ දී මහනුවර ප්‍රදේශයේ ගැටලුවක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස් වීමක් ගැටුමට හේතු වූ බව පැවසෙනවා.

ගැටුමෙන් මන්ත්‍රීවරයාගේ පාදයකට තුවාල සිදු වී ඇති බවයි සඳහන් වන්නේ.

මේ පිළිබඳ මහින්දානන්ද අලුත්ගෙදර මහතාගෙන් කළ විමසීමක දී ඔහු පවසා ඇත්තේ තමා අදාළ මන්‍ත්‍රීවරයාගේ කොළරයෙන් ඇල්ලීමක් සිදු කළත් පහර දීමක් සිදු නොකළ බවත් අවශ්‍ය නම් අදාළ ස්ථානයේ CCTV පරීක්ෂා කළ හැකි බවයි.

මේ වෙලාවේ බම්බු පනත් අකුලාගෙන ජනතාවගේ යහපතට වැඩ කරන්නැයි තමා ප්‍රකාශ කළබවත් එම අවස්ථාවේ ආණ්ඩුවේ කණ්ඩායම් රැස්වීමේ ඔහුගේ කතාව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මධුර විතානගේ විසින්ද අනුමත කළ බව ඔහු ප්‍රකාශ කරනවා.

කෙසේ වෙතත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දී පවිත්‍රා වන්නිආරච්චි සහ මධුර විතානගේ අතර ද බහින්බස් වීමක් සිදු වී ඇතැයි සඳහන් වෙනවා.

Latest News

More like this

බැසිල් සහ අර්ජුන මහේන්ද්‍රන් ‘ටාගට්’ කරගෙන ලොකු ගේමක් පටන් අරන්!

ආණ්ඩුව මේ වනවිට ඉතා රහසිගත අයුරින් දැවැන්ත මෙහෙයුමක් ආරම්භ...

තියුණු ආයුධයකින් පහරදී දැරියක් ඝාතනය කරලා !

ගම්පොල පොලිස් වසමේ මිල්ලගහමුල, පන්විලතැන්න ප්‍රදේශයේ නිවසක සිටි දැරියකට...

ළමා අපයෝජන ගැබ් ගැනීම් ඉහළට

ළමා ලිංගික අපයෝජන සහ ළමා ගැබ් ගැනීම් ඉහළ අගයක්...

ඇමෙරිකාවට ශාප වූ ශතයේ කාසිය !

ඇමෙරිකාව තුළ වසර 238 ක කාලයක් සංසරණය වූ කාසියක්...