ජුනි මස 6 වැනිදා රෑ 10 ට මුළු රටම බලන් හිටිය විවාදය ITN එකෙන් බලමු – දිනය වෙලාව තැන ඔක්කොම තීන්දුයි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සහ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර ජුනි 06 වැනි දා පැවැත්වීමට නියමිත විවාදය ස්වාධීන රූපවාහිනිය ඔස්සේ විකාශය කිරීම සඳහා සියලු කටයුතු සංවිධානය කර ඇති බව එම නාළිකාව පක්ෂ දෙකේ නායකයන් වෙත ලිඛිතව දන්වා තිබෙනවා.

ස්වාධීන රූපවාහිනියේ සභාපති සුදර්ශන ගුණවර්ධන මහතාගේ අත්සනින් නිකුත් කර ඇති එම ලිපිය මඟින් දන්වා ඇති පරිදි 2024.06.06 වැනිදා රාත්‍රි 10.00 සිට ස්වාධීන රූපවාහිනියේ HD මැදිරියේ දී විවාදය විකාශය කිරීමට නියමිත බව සඳහන් වෙනවා.

ඒ අනුව පක්ෂ දෙකෙහිම නායකයින් දෙදෙනාගෙන් ඉල්ලා ඇත්තේ ඒ සඳහා සහභාගී වන ලෙසයි.

සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා විසින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර ප්‍රසිද්ධ විවාදයක් පැවැත්විය යුතු බව ප්‍රකාශ කළ දිනයේ සිට ස්වාධීන රූපවාහිනිය අවස්ථා ගණනාවක දීම එය විකාශය කිරීම සඳහා පහසුකම් සැලසීමට සූදානම් බව ප්‍රකාශ කරනු ලැබුවා.

Latest News

More like this

හරිනි වෙනුවෙන් අලවංගුවක් නොවී සිටීමට අනුරට හැකි වේවිද?

අනුර කුමාර දිසානායක මහතාට නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස දිවුරුම්...

අගමැතිනියට එරෙහිව විශ්වාසභංගයක්..

ජාතික ජන බලවේගය රජය 2026 සිට ක්‍රියාත්මක කිරීමට යෙදුණු...

අනාගත බල පෙරළියකට “රොස්මිඩ් වලව්ව” සූදානම්…

මෙරට දේශපාලන ඉතිහාසය තුළ බල පෙරළීන් ගණනාවක කේන්ද්‍රස්ථානය වූ...

වෙනිසියුලාවේ තත්ත්වය ගැන ශ්‍රී ලංකාවේ දැඩි කණස්සල්ල පළ කෙරේ

වෙනිසියුලාවේ මෑත කාලීන තත්ත්වය පිළිබඳව ශ්‍රී ලංකා රජය දැඩි...