කන්ගනා මෝදිගේ සාටකේ එල්ලී පාර්ලිමේන්තුවට – බොලිවුඩයට සමු දෙයි

2024 ලෝක් සභා මැතිවරණයේදී හිමාචල් ප්‍රදේශ් හි මැන්ඩි මැතිවරණ කොට්ඨාශය ජයග්‍රහණය කරමින්,බොලිවුඩයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන කන්ගනා රනාවුත් විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබා ගෙන තිබෙනවා.

භාරතීය ජනතා පක්ෂයෙන් (BJP) ලෝක් සභාවට තරග කළ ඇගේ ප්‍රතිවාදියා වූයේ හිමාචාල් ප්‍රදේශ් හි හිටපු මහ ඇමති වීර්භද්‍ර සිංගේ පුතු වූ වික්‍රමාදිත්‍ය සිංය.

කොංග්‍රසය නියෝජනය කළ වික්‍රමාදිත්‍ය සිං සහ කන්ගනා අතර මැන්ඩි බල ප්‍රදේශය දිනා ගැනීමට ප්‍රබල සටනක් පැවති අතර පරාජයෙන් පසු වික්‍රමාදිත්‍ය සිං කන්ගනා වෙත සමාජ මාධ්‍ය ඔස්සේ සුබ පැතුම් පිරිනමා ඇති බව වාර්තා වෙනවා.

කන්ගනා 55,000 කට වැඩි පරතරයකින් මැන්ඩි ආසනය ජයග්‍රහනයෙන් අනතුරුව ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිමාචල් ප්‍රදේශ් ඇගේ “ජන්මභූමිය” බවත් ඇය දිගටම ප්‍රාන්තයේ ජනතාවට සේවය කරන බවත් සඳහන් කර තිබෙනවා.

“ඉතින් මම කොහේවත් යන්නේ නැහැ. සමහර විට, වෙනත් කෙනෙකුට තම බෑග් පැක් කර පිටව යාමට සිදුවනු ඇති.මම කොහේවත් යන්නේ නැහැ,” ඇය පැවසු බව සඳහන්.

37 හැවිරිදි රනවුත් දැඩි මෝඩි ආධාරකරුවෙකු වන අතර මෑතකදී වැඩි දායකත්වයක් ලබා දුන්නේ විචාරකයින් විසින් ප්‍රචාරක සහ ජාතිකවාදී ලෙස සලකනු ලැබූ චිත්‍රපටවලටයි.

ඇය ලෝක් සභාවට තේරී පත් වුවහොත් සිනමා කර්මාන්තයෙන් ඉවත් වන බව මීට පෙර පවසා තිබුණා.

Latest News

More like this

වසර 15කට පසු අමීර් කරීනා සමඟ 3 Idiots-2 රූගත කෙරේ

2009 වසරේ දී ලෝකය පුරා ජනප්‍රිය වූ 3 Idiots...

සිනමා ඉතිහාසයේ ඉහළම ආදායම් ලැබූ වසර මේ වසරයි… ජනපතිගෙනුත් සහයෝගය….

සිනමාවේ ප්‍රගමනය රටේ පුරවැසියාගේ අධ්‍යාත්මික සංවර්ධනයට බලපාන බවත් එනයින්...