ජනමත විචාරණයක් නැතිවම රනිල්ට තව අවුරුද්දක් ඉන්න පුළුවන් පොටක් පෑදේ – නීතිපති මතය විමසීමට සූදානම් වෙයි

නියමිත පරිදි ජනාධිපතිවරණය පවත්වන බවට ප්‍රකාශ කළද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති ප්‍රතිපාදන උපයෝගී කරගනිමින් ජනාධිපති ධුර කාලය සහ පාර්ලිමේන්තු කාලය දීර්ඝ කිරීමට රජය උපරිම උත්සාහ දරනු ඇති බවට දේශපාලන කරළියේ නැවතත් කතා බහක් මතු වී තිබෙනවා.

දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඒ අනුව වත්මන් ජනාධිපති ධුර කාලය තුනෙන් දෙකේ බහුතරයකින් පමණක් දීර්ඝ කිරීමේ හැකියාව පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නීතිපතිවරයාගේ මතය විමසීමට කටයුතු කරමින් සිටින බවයි.

එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මීට පෙර කියා සිටියේ ජනමත විචාරණයකින් ජනතා අනුමැතිය ලබාගෙන ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණ වසර දෙකකින් කල් දැමිය යුතු බවයි.

ඊට පක්ෂය තුළ මෙන්ම විපකෂයෙන්දැඩි විරෝධයක් එල්ල වීම හමුවේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් ලවා නියමිත වේලාවට මැතිවරණ අනිවාර්යයෙන් පැවැත්වෙන බව ප්‍රකාශ කිරීමට සිදු වුණා.

මෙහිදී මතු කිරීමට සූදානම් වන තර්කය වන්නේ යහපාලන ආණ්ඩුව පැවති කාලයේ 19 වැනි සංශෝධනයෙන් ජනාධිපතිවරයාගේ වසර හයක ධුර කාලය වසර පහ දක්වා අඩු කළේ ජනමත විචාරණයකින් ජනතා අනුමැතියකින් තොරව වීම යන්නයි.

වසර හයකින් ඔබ්බට කාලය දීර්ඝ කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්විය යුතු බවත්, එබැවින් දැනට පවතින පස් අවුරුදු සීමාව ජනමත විචාරණයකින් තොරව තවත් වසරකින් දීර්ඝ කළ හැකි බවට තර්කයක් ගොඩ නැගීමට සූදානම් බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Latest News

More like this

නව අගවිනිසුරු ලෙස ප්‍රීති පද්මන් සූරසේන නම් කරයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා මීළඟ අගවිනිසුරුවරයා ලෙස...

තීරු බදු අඩු කරගැනීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකාවෙන් තෙල් මිලදී ගැනීමට යයි

ඇමරිකාව ශ්‍රී ලංකාවට එරෙහිව පනවා ඇති අන්‍යෝන්‍ය තීරුබදු තවදුරටත්...

නිලන්තට මරණ දණ්ඩනය දීම කතෝලික පල්ලියේ ස්ථාවරය නොවේ

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට අපොහොසත්වීමේ චෝදනාව මත වැඩ තහනම් වූ...

වැව්‍ රක්ෂිතවල ඉදි කර ඇති සියලුම හෝටල් ඉවත් කරනවා. ඩඩ්ලිටත් වැඩ වරදීවි… ඇමති ලාල්කාන්ත කියයි

අනුරාධපුරයේ වැව් රක්ෂිත මායිම් සලකුණු කිරීමේදී තරාතිරම නොබලා එම...
error: Content is protected !!