පාලිකාවගේ අනුදැනුම මත මහනුවර ළමා නිවාසයේ දී අතවර වූ බව කියන දැරිය ගැන පොලිසිය කියන කතාව

මහ­නු­වර වෙල­ම්බඩ ප්‍රදේ­ශයේ ළමා නිවා­ස­ය­කදී එහි පාලි­කා­වගේ අනු­දැ­නුම මත තමන් ලිංගික අප­යෝ­ජ­න­යට ලක්වූ බව කියන දැරියක් මඩා­ටු­ගම පොලි­සි­යට කරන ලද පැමි­ණිල්ල සැක සහිත බව පොලිසිය පවසනවා.

වයස අවුරුදු 17 ක පසුවන දැරිය සිදු කරන ප්‍රකාශය අසත්‍ය බව සැක කරන පොලිසිය පවසන්නේ ඇය අවු­රුදු 23ක විවා­හක පුද්ග­ල­යෙකු සමඟ ප්‍රේම සම්බ­න්ධ­යක් ඇති­කර ගෙන ඔහු සමඟ පැන­ගොස් කොළඹ ප්‍රදේ­ශයේ රැඳී සිට ඇති බව අනාවරණය කරගත් බවයි.

එමෙන්ම මෙම දැරිය යහපත් මානසික තත්ත්වයක පසු නොවන බවත් මෙම දැරිය ළමා නිවා­සයේ රැඳී සිටි­යදී අනෙ­කුත් රැද­වි­යන්ට හා පාලි­කා­වන්ට පහ­ර­දීම් සිදු­කර ඇති බව­ටත් ඔවුන්ගේ ඇඳුම් ඉරා දම­මින් හැසිරී ඇති බව­ට කරුණු අනාවරණය කරගෙන ඇති බවයි පොලිසිය පවසන්නේ.

ඇය එම ස්ථානයේ දේපො­ළ­ව­ල­ටද හානි සිදු­කර තිබෙන බව ළමා නිවාස ලිපි­ගොනු පරි­ක්ෂා­වේදී හෙළිවී තිබෙනවා.

මෙම දැරිය මාන­සික රෝගී තත්ත්ව­ය­කට ප්‍රති­කාර ගෙන තිබෙන අතර ඇය කිහිප අව­ස්ථා­වක් ළමා නිවා­ස­යෙන් පැන­යා­මට උත්සා­හ­කර ඇති බව ද පොලිසිය පවසනවා.

නිසි භාර­කා­ර­ත්ව­යක් නොමැ­ති­වීම මත දඹුල්ල අධි­ක­ර­ණය මඟින් පසු­ගිය පෙබ­ර­වාරි මස 24 වැනි දින ඇයව අදාළ ළමා නිවා­ස­යට යොමු කර ඇති බව වැඩිදුරටත් සඳහන් වී තිබෙනවා.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...