X, Tesla සහ SpaceX යන සමාගම් ජාලයේ හිමිකරු වන ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු වන ඊලොන් මස්ක් තම සමාගම්වල iPhone ඇතුළු Apple උපාංග තහනම් කරන බව පවසා තිබෙනවා.
ඒ එම උපාංග සඳහා අලුතින් ප්‍රකාශයට පත් කරන ලද විශේෂාංග ‘පිළිගත නොහැකි ආරක්ෂක උල්ලංඝනයක්’ බවට පහර දෙමින්.
Apple සමාගම සඳුදා නිවේදනයක් නිකුත් කරමින් OpenAI හි තාක්ෂණය එහි iPhone වලට ඒකාබද්ධ කරන බව පැවසුවා.
එම නව විශේෂාංග සමඟ පරිශීලකයන් Siri සමඟ කතා කරන විට, එය OpenAI හි ChatGPT වෙත සම්බන්ධ කෙරෙන බව සඳහන්.
එවැනි යාවත්කාලීන කිරීමක් “පිළිගත නොහැකි ආරක්ෂක උල්ලංඝනයක්” වනු ඇතැයි මස්ක් පවසා තිබෙනවා.
“Apple OpenAI OS මට්ටමින් ඒකාබද්ධ කරන්නේ නම්, මගේ සමාගම්වල Apple උපාංග තහනම් කරනවා. එය පිළිගත නොහැකි ආරක්ෂක උල්ලංඝණයක්. ”ඔහු X හි සඳහන් කළා.
ඒකාබද්ධ කිරීම යනු Siri වෙත ලැබෙන ඉල්ලීම් ChatGPT වෙත යැවිය හැකි බවයි.