නලින් බණ්ඩාරගේ රථයෙන් යටකළ තරුණයා ජීවිතක්ෂයට. දින 8 ක් දැඩි සත්කාරයේ සිහිසුන්ව ඉඳලා – 50,000 ක සානුකම්පිත දීමනාවක් ගෙවා රියදුරු බේරාගෙන

පසුගිය ජුනි මස 03 වැනි දා සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලින් බණ්ඩාර මහතා ගමන් කළ ජීප් රථයේ ගැටී තුවාල ලබා දින 08ක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගනිමින් සිටි තරුණයා ඊයේ (11) මියගොස් තිබෙනවා.

මෙසේ මන්ත්‍රී රථයේ ගැටී අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගෙන ඇත්තේ තිහාරිය කළගෙඩිහේන ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 22ක් වන යතුරු පැදි අලෙවි කරන ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය ශානුක රවිඳු නමැති තරුණයෙකි.

අනතුරින් ඔහුගේ හිසට බරපතල තුවාල සිදු වී ඇති අතර දැඩි සත්කාර ඒකකයේ ජීවිතයත් මරණයත් අතර දැඩි සටනකින් පසු වෛද්‍යවරු තීරණය කර ඇත්තේ ඔහුගේ මොළය මිය ගොස් ඇති බවයි. අනතුරුව ඔහු ජීවතුන් අතර සිටිය දී කැමැත්ත පළ කර ඇති පරිදිම වකුගඩු අක්මාව ඇතුළු ශරීර අවයවයන් දන්දීමට තරුණයාගේ භාරකරුවන් කැමැත්ත පලකර තිබෙනවා.

ඒ අනුව මෙම තරුණයාගේ අවයව ඊයේ (11) රාත්‍රී කාලය වන විට ඉවත්කර ජීවිත තුනක් ජීවත්කරවීමට බද්ධකිරීම් සිදුකර ඇති බව ආරංචි මාර්ග පවසනවා.

මෙම තරුණයා අනතුරට ලක්වන්නේ පසුගිය 03දා අලුයම් කාලයේදීය. පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා ගමන්ගත් ජිප් රථය කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ දී තරුණයා ගමන්කරමින් තිබුණු යතුරුපැදියේ ගැටී ඇත්තේ කෝන්ගස්දෙනිය හංදිය අසල දී ය.

මෙම අනතුරින් මන්ත්‍රීවරයාට හෝ එහි ගමන් ගත් කිසිවකුට තුවාල සිදුව නොමැති අතර යතුරු පැදිය පැදවූ මෙම තරුණයා පමණක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා මෙම තරුණයා කොළඹ ජාතික රෝහලට මාරුකර තිබුණා. අනතුරින් මෙම තරුණයාගේ හිසට බරපතළ තුවාල සිදුවීම හේතුවෙන් අනතුර සිදුවූ මොහොතේ සිට ඔහු සිට ඇත්තේ සිහිසුන්වයි.

මෙම අනතුර සිදුවන අවස්ථාවේදී ප්‍රදේශය තුළ වැසි සහිත තත්ත්වයක් තිබී ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.

අනතුරින් පසු නිට්ටඹුව පොලිසියේ රථවාහන අංශය විසින් නලින් බණ්ඩාර මහතා ගමන්කළ ජිප් රථයේ රියදුරු අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔහුව අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු තරුණයාට රුපියල් 50,000ක සානුකම්පිත දීමනාවක් ලබාදෙන මෙන් නියෝග කරමින් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදා හැරිය බව නිට්ටඹුව පොලිසිය පවසනවා.

Latest News

More like this

රන් මල්ලිගේ කෝටි 400ක අයිස් කිරින්ද අඳගල වැල්ලෙන් අල්ලයි

තිස්සමහාරාම කිරින්ද අඳගල වැල්ලේදී අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 400කට...

තායි රාජා සහ කණ්ඩුල ගැන හොයා බලන්න තායිලන්ත නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ලංකාවට

තායිලන්තයෙන් රාජ්‍ය තාන්ත්‍රික සංකේත ලෙස මෙරටට පරිත්‍යාග කළ ඇතුන්...

ඩේසි ආච්චිට ඩිමෙන්ෂියා..! යෝශිතට එරෙහි නඩුව විසිවෙයිද ?

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ චෝදනා එල්ල වී සිටින...

කාසල් රෝහලේ දෙබිඩි දරු උපතක්

කාසල් වීදියේ කාන්තා රෝහලේ දෙබිඩි දරු උපතක් සිදුව ඇති...
error: Content is protected !!