අද මම ජනාධිපති ලෙස සිටින්නේ දේශපාලන බංකොලොත්භාවයේ ප්‍රතිඵලයක් ලෙසයි – රනිල් ඇත්තම කතාව රටට කියයි

ලෝකයේ තනි මන්ත්‍රීවරයෙක් ජනාධිපතිධුරයට පත් වූ එකම අවස්ථාව වාර්තා වන්නේ ලංකාවෙන් බවත් ඊට හේතුව මේ රට දේශපාලනික වශයෙන් බංකොලොත් වීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබෙනවා.

ඇතැම් අය මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් බව කියන නමුත් තමා එය ප්‍රතික්ෂේප කරන බවත් මේ රට ආර්ථික මෙන්ම දේශපාලනික වශයෙන් ද බංකොලොත් යැයි ජනාධිපතිවරයා සඳහන් කළා.

පාර්ලිමේන්තුවේ සිටි තනි මන්ත්‍රීවරයෙක් ලෙස තමා ජනාධිපතිධුරයට පත්වන්නේ එම දේශපාලන බංකොලොත්භාවය නිසා යැයි ජනාධිපතිවරයා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා සහභාගී වූ තරුණ නියෝජිතයන් පිරිසක් සමඟ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි ජුනි 11 වැනි දා පැවැත්වුණු හමුවකදී ය.

මේ වන විට පක්ෂ ක්‍රමය අවසන් වී ඇති බවත් සියලු පක්ෂ කවලම් වූ දේශපාලන අච්චාරුවක් නිර්මාණය වී ඇති බව ද ඔහු පවසා සිටියා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විවාදයක් පැවැත්වීම පිළිබඳ මාසයක් විවාද කළ බව ද අවසානයේ එක් අයෙක් පැන ගිය අතර අනිත් තැනැත්තා වළං බිඳන ආකාරයෙන් තනිව විවාදය කළ බවත් ජනාධිපති වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

Latest News

More like this

‘දිට්වා’ විනාශය සුනාමියට වඩා දසගුණයකින් වැඩියි

'දිට්වා’ සුළි කුණාටුවෙන් රටට සිදු වූ ආර්ථික අලාභය 2004...

දිට්වා ගැන ඉන්දීය කාලගුණ අංශ පූර්ව අනතුරු ඇඟවුම් කළ බව ජ්‍යාත්‍යන්තර මාධ්‍ය රැසක් තහවුරු කරයි

දිට්වා සුළි කුණාටුව සම්බන්ධයෙන් ශ්‍රි ලංකාවේ කාලගුණ අංශ මෙන්ම...

විපතක දී ඉතිහාසයේ ගෙවූ දැවැන්තම වන්දිය ජනපති අනුරගෙන්

ස්වභාවික ආපදාවකදී මෙතෙක් ඉතිහාසයේ රජයක් ලබා දුන් දැවැන්තම වන්දි...

හෙලිකොප්ටරයෙන් ගොඩ බැස්සේ 2029 පොදු අපේක්ක්ෂයා ද?

ජනප්‍රිය ටියුෂන් ගුරුවරයෙකු වන 'දිනේෂ් මුතුගල සර්' ආපදාවන්ට ලක්...