මහ රෑ නිවසට පැන දැරියක් පැහැරගෙන බංකරයක හංගලා

වයස අවුරුදු 14 ක බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් පොළොව යට කාමරයක සඟවාගෙන සිටි තරුණයෙකු ඔහුට අනුබල දුන් තිදෙනෙකු ද සමඟ අත් අඩංගුවට ගත් බව බුත්තල පොලිසිය පවසනවා.

මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බුත්තල පදිංචි 25 හැවිරිදි තරුණයෙකු සහ දැරිය සැඟවීමට නිවසේ බංකරයක් සකස් කළ ඔහුගේ මාමා කෙනෙකු හා දැරිය පැහැර ගැනීම සඳහා උදව් දුන් දෙදෙනෙක්.

ඉකුත් 9 වැනි දා රාත්‍රී 11.30 ට පමණ දැරිය පදිංචි නිවසට පැමිණි මෙම මෙම කණ්ඩායම නිවසේ එළිමහනේ තිබූ ජල කරාමයක් විවෘත කර මෙම පැහැර ගැනීම සිදු කර තිබෙනවා.

කරාමයෙන් ජලය ගලා යන හඬ ඇසී දොර විවෘත කර එළියට ගිය පියාගේ ඇඟට අසල තිබූ අඹ ගසක සිට පැන පොර බදා ඇති බවත් මේ අවස්ථාවේ එක් අයෙකුගේ මුහුණ ආවරණය ඉවත් වී පියා විසින් හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසනවා.

ඉන් පසු ඔවුන් නිවසට පැන දැරියගේ මවගේ කටේ ප්ලාස්ටරයක් අලවා පියාට ද එයම සිදු කර දැරිය කරේ තබාගෙන නිවසින් පලාගොස් ඇතැයි අනාවරණයකරගෙන තිබෙනවා.

සැකකරුවන් අත් අඩංගුවට ගෙන සිදු කළ දීර්ඝ ප්‍රශ්ණ කිරීම්වල දී හෙළි වී ඇත්තේ ඔහුගේ කාමරයේ මෙසයක් යටින් සූක්ෂම ලෙස කොටසක් ඉවත් කර ඉනිමගක් දමා බැසීමට හැකි ආකාරයෙන් පොළොව යට අඩි පහයි හයේ කාමරයක් නිර්මාණය කර ඇති බවයි.

දැරිය පැහැර ගැනීමට යොදාගත් යතුරු පැදිය පොලිසිය භාරයට ගෙන ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් බුත්තල පොලිසිය වැඩිදුර විමර්ශන කරන බව වාර්තා වෙනවා.

Latest News

More like this

යුරෝපා සංගමයෙන් යුරෝ මිලියන 1.8ක පරිත්‍යාගයක්

යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට යුරෝ මිලියන 1.8ක හදිසි මානුෂීය...

Google Map හි ශ්‍රී ලංකාවේ මාර්ග යාවත්කාලීන කරයි

Google Map හි A හා B මාර්ග සිතියම් යාවත්කාලීන...

Rebuilding Sri Lanka අරමුදලට ලැබුණ ආධාර රු බිලියන 1.8 පනී

'දිට්වා' සුළි කුණාටුවෙන් ඇති වූ විනාශයෙන් පසු රට නැවත...

සහන මුදල් සතපහක් ආපසු හරවා එවන්න එපා.. ජනපති අනුරගෙන් උපදෙස්

ආපදාවට ලක් වූ ස්ථානවල යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් මෙම...