ජනප්‍රිය නිළියන් සහ සුරූපි කාන්තාවන් ධනවතුන්ට රුපියල් 30,000 සිට ඉහළ මිලට ගණිකාවන් ලෙස අලෙවි කිරීමේ ජාවාරමක් මෙහෙයවූ නිළියක් සමඟ ගණිකා වෘත්තියේ නිරත වූ කාන්තාවන් සිව්දෙනකු පානදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (12) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
තරු පන්ති හෝටල්වල, සමාජ ශාලා සහ සුපිරි නිවාස සංකීර්ණවල පැවැත්වෙන සාද සඳහා සරාගී චිත්‍රපට නිළියක් විසින් සපයන බවට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව කළ මෙහෙයුමකදී මෙම නිළිය ඇතුළු කාන්තාවන් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මෙම ගණිකා ජාවාරම මෙහෙයැවූ නිළිය වැඩිහිටියන්ට පමණක් සීමා වූ කාම රැල්ලේ චිත්‍රපට 05කට පමණ රංගනයෙන් දායකත්වය දුන් තැනැත්තියක බවත් ඊට අමතරව ඇය ටෙලි නාට්‍ය කිහිපයක ද රඟපා ඇති බවත් විමර්ශනයේදී අනාවරණය කර ගෙන තිබෙනවා.
වට්ස්ඇප් යෙදුමක් මඟින් ඇය ගණිකා ජාවාරම මෙහෙයවා ඇති බව ද විමර්ශනයේදී අනාවරණය කර ගැනුණා.
මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ උසස් නිලධාරියෙක් පවසන්නේ චිත්‍රපට හා ටෙලි නාට්‍ය නිළියන් පවා රුපියල් 45,000ක් වැනි මුදලකට ඇය විසින් ධනවතුන්ට අලෙවි කරන බව විමර්ශනයේදී හෙළි වූ බවයි. නිළියන්ව මුදලට ලබාදීම සම්බන්ධයෙන් ඇය ව්‍යාපාරිකයන් සමඟ කථාබහ කරන හඬපට රැසක් ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ නිලධාරීන්ට ලැබී ඇති බවයි පවසන්නේ.
ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහ මහතා විසින් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් යොදවා කළ වැටලීමකදී මෙම නිළිය ඇතුළු සෙසු කාන්තාවන් පස් දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ මොරගහහේන කෝරලයිම දෙමටහැත්ත ප්‍රදේශයේදීය.
මෙම ජාවාරම මෙහෙයැවූ නිළිය මල්වානේ පදිංචිකාරියක බව මධ්‍යම දූෂණ මර්දන බළකාය සඳහන් කරනවා. මෙම නිළිය ඇතුළු අත්අඩංගුවට ගත් තරුණියන් මොරගහහේන පොලිස් ස්ථානයට භාරදුන් බව ද මධ්‍යම දූෂණ මර්දන ප්‍රකාරක බළකාය වැඩි දුරටත් සඳහන් කළා.
මෙසේ අත්අඩංගුවට ගන්නා ලද කාන්තාවන් අවුරුදු 25ත් – 45ත් අතර වයස් ගණන්වල පසුවන බියගම, අම්පාර, බොරලැස්ගමුව, මාතර යන ප්‍රදේශවල පදිංචිකාරියන්ය.