යුධ සමයේ හමුදා ප්‍රධානීන් ජ්‍යාත්‍යන්තර අපරාධ අධිකරණයට ගෙන යන ජිනීවා මෙහෙයුමක්

ශ්‍රී ලංකාවේ රණවිරුවන් බෙදුම්වාදී යුද්ධයේ දී යුධ අපරාධ සිදු කරන ලදැයි චෝදනා කර එම රණවිරුවන්ට සහ දේශපාලන නායකත්වයට එරෙහිව යුධ අපරාධ සම්බන්ධ සාක්ෂි එකතු කිරීම සඳහා බාහිර යාන්ත්‍රණයක් ක්‍රියාත්මක වන බව
ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභා සභාපති සරත් වීරසේකර මහතා පවසනවා.

මෙම බාහිර යාන්ත්‍රණය අවුරුදු 2ක සිට ස්විට්සර්ලන්තයේ ජිනීවාහි 46/1 යෝජනාව අනුව පිහිටුවා ඇති අතර මෙරට හමුදා නායකයන්ට එරෙහිව සැලකිය යුතු සාක්ෂි ප්‍රමාණයක් ඔවුන් සතුව ඇති බව එම යාන්ත්‍රණය විසින් මෑතකදී ප්‍රකාශයට පත් කරන ලද වාර්තාවක දක්වා ඇතැයි ඔහු ප්‍රකාශ කළා.

මෙම අදහස් පළවූයේ පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ජුනි මස 05 රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී තවදුරටත් අවධාරණය වූයේ මෙලෙස යුධ අපරාධ සිදු කරන ලදැයි සාක්ෂි ලැබී ඇති මෙරට හමුදා නායකයන්ට එරෙහිව සර්ව ලෝක අධිකරණ බලය යටතේ අදාළ රටවල සහ ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරීම සඳහා දැනට රටවල් කිහිපයක් ඒකාබද්ධව කටයුතු කරමින් පවතින බවයි.

මෙම බාහිර යාන්ත්‍රණය මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කර තිබුණ ද, මෙරට හමුදා නායකයන්ට එරෙහිව දිගින් දිගටම සාක්ෂි එකතු කරමින් සිටින බවත් මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ සර්ව ලෝක අධිකරණ බලය මත මෙරට හමුදා නිලධාරීන් ලෝකයේ ඕනෑම රටකදී අත්අඩංගුවට ‌ගෙන ඔවුන්ට එරෙහිව ජාත්‍යන්තර අධිකරණයේ නඩු පැවරිය හැකි වීමයි.

මෙහිදී මෙරට පැවැති යුද්ධය ඒල්ටීටීඊ සංවිධානයට එරෙහිව සිදු කරන ලද්දක් නොව දෙමළ ජාතීන්ට එරෙහිව සිදු කරන ලද්දක් ලෙස හුවා දැක්වීමට මෙම බාහිර යාන්ත්‍රණයට හැකියාව ඇති බවද මෙහිදී සාකච්ඡා කෙරුණා.

මෙම ක්‍රියාකාරීත්වය මෙරට යුධ විරුවන්ගේ ස්වාභිමානයට මෙන්ම ජාතික ආරක්ෂාවට ද තර්ජනයක් වන අතර විදේශ කටයුතු අමාත්‍යාංශය ලාංකිය හමුදා සාමාජිකයන්ට එරෙහිව ලොව අනෙකුත් රටවල් මඟින් යුධ අපරාධ චෝදනා එල්ල කිරීම සහ ජාත්‍යන්තර යුධ අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කිරීම නැවැත්වීමට වහා කටයුතු කළයුතු බවද අවධාරණය කර තිබෙනවා.

මෙහිදී කාරක සභාව විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විමසා සිටියේ ජීනීවා මානව හිමිකම් සංවිධාන ගෙන එන ලද බාහිර යාන්ත්‍රණය ප්‍රතික්ෂේප කිරීමට ඔවුන් සතුව පවතින උපාය මාර්ග මොනවාද යන්න සහ ජාත්‍යන්තර යුධ අධිකරණයේ නඩු පැවරුවහොත් ඒවාට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීමට ඇති සුදානම පිළිබඳවයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමා‍ත්‍යාංශය පැවසුවේ ජීනීවා මානව හිමිකම් කොමිසමේ වාර්තාවන්ට එරෙහිව ප්‍රබල විරෝධතාවයක් පළකර මේ සම්බන්ධව අපක්ෂපාතීව කටයුතු කරන රටවල් දැනුවත් කිරීමට තම අමාත්‍යාංශය කටයුතු කර ඇති බව යි.

Latest News

More like this

ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත එයි

රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි හිටපු ජනාධිපතිවරුන්ගේ...

දැවැන්ත වෙළඳ ගිවිසුමකින් ජපානය ට්‍රම්ප්ගේ තීරු බදු තීරණය රිවර්ස් කර ගනී

"දැවැන්ත" නව වෙළඳ ගිවිසුමකට අවතීර්ණ වීමෙන් අනතුරුව ආනයනික භාණ්ඩ...

අම්මා 12 හැවිරිදි දියණිය මුදලට විකුණලා..

සිය මව විසින් තමන්ව පිරිමි පුද්ගලයින් වෙත විකිණු බවට...

මම ආණ්ඩුවට කරපු උදව්වලට මට ලැබුණ ගෝල්ඩ් මෙඩ්ල් එක තමයි මේ… ජගත් විතාන

"අපි පාර්ලිමේන්තුවෙන් ඉන්නේ එක සහෝදරත්වයකින්. අපි දෙන්නම චූදිතයෝ කියලා...
error: Content is protected !!